⭕ තියන ලීස් එකක් ගලවනකොට.එහෙම නැත්නම් තියන ලීස් එකට සෙට්ල්මන්ට් එකක් අරන් වෙන තැනකට යන්න හිතනකොට හරිම තීරණයක් ගන්න. තියන ලීස් එක වැඩි කරන්නවත්, අවසන් වෙන්න තියන ඩ්‍රාෆ්ට් එක ලීස් එකක් කරන්නවත් මුලින් අකමැතිවෙන ආයතන පසුව 100% ක් ඒකට කැමති වෙනවා. හේතුව අලුතින් බිස්නස් එකක් ගේනවට වඩා ලේසියි තියන එක අලුත් කරන එක. මම කිසිම […]

⭕ ඔබට ඉතාමත් හොඳ ආදායම් මාර්ග තියෙන්න පුළුවන් . හොඳ ආදායම් විස්තර සහ බැංකු ගනුදෙනු තියෙන්නත් පුළුවන් . ඔබ විස්වාසවන්ත ගණුදෙනුකරුවෙක් වෙන්නත් පුළුවන් . BR එකක් තියෙන්නත් පුළුවන් . නමුත්.ව්‍යාපාරයට අදාල ආදායම් ලැබෙන ක්‍රමය පැහැදිලිව පෙන්නන්න බැරිනම්. Invoice / Import / Export Documents ව්‍යාපාරයට අදාලව හරියට ඉදිරිපත් කරන්න බැරිනම් ඔබට ලීස් එකක් ගන්න ටිකක් අපහසුවේවි. […]

⭕ Draft වලට ස්ථාවර Rate එකක් නෑ. හිත සැනසෙන්න අද ගානට ගන්න පුළුවන් .හෙට ඕනෙ දෙයක් වෙන්න පුළුවන් . මම කොහොමත් ඩ්‍රාෆ්ට් වලට මුල්තැනක් දෙන්නේ නෑ.සමහරවිට ඒකේ ගැටලු සහගත තැන් මට ඇවිත් තියනවා. උදාහරණයක් ලෙස කලින් ගෙවා නිම කිරීමකදී මාසෙක ඉදිරි පොලිය අයකිරීම,මාස 12 ට කලින් ගෙවා අවසන් කරන්නේනම් මාස 03 ක ඉදිරි පොලිය අයකරන […]

⭕ දැං Internal / Outside වැලිවේශන් ලැබෙන්නේ මාර අඩුවෙන්.විකුනුම් මිල 180/ වාහනේ වැලිවේශන් 150/ යි. ඉදිරියට මිල අඩුවෙයි කියලා උපකල්පනය කරලයි එහෙම දෙන්නේ. තවම මිල අඩුවෙන පාටක් පේන්නත් නෑ. මිල පාලනයකට එන්නත් බෑ.උදාහරණයක් ලෙස 2014 වෙසල් ලක්ශ 60/ න් උඩ විකුනන්න බෑ කියනවා වගේ. තියන වාහනේට ජපන් ඔර්ජිනල් කියන ස්පෙයා පාට්ස් වෙනුවට ඉන්දියන් හරි තායිවාන් […]

⭕ මේ පේජ් එකේ යන පෝස්ට් වලට කමෙන්ට් කරද්දී පොඩ්ඩක් කල්පනාවෙන් කමෙන්ට් කරන්න. ගෞරවනීය ලෙස තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න. “හරි බං එල ” වගේ කමෙන්ට් දාන්න තරම් ආටිකල් එකක් හෝ පෝස්ට් එකක් මම ලියන්නේ නෑ. ඒ වගේ කමෙන්ට් වැටුනොත් “Block ” කරනවා හැර එයාව පේජ් එකේ තියාගෙන තේරුමක් නෑ. මේ පේජ් එකේ එදා ඉඳලා අද […]

⭕ ලීසිං වලදි Rate එක අහලා නිකම් ඉන්න එපා. ලක්ශයකට කීයද කියලත් අහන්න.ඊට පස්සේ ඒක තව තැන් කිහිපයක් එක්ක මැච් කරලා බලන්න. විනාඩි 10 ක 15 ක වැඩක් ඒක.ඊට පස්සේ තීරණය කරන්න. කොතනිනුත් ලැබෙන්නේ එකම මුදල නම් ඇයි වැඩි වාරිකයකට යන්නේ.වාරිකය ස්ථාවර නම් අඩු ස්ථාවර වාරිකයකට මුල්තැන දෙන්න. රටේ ඉදිරියත් හරිම පැහැදිලි නිසා ඔබට බයවෙන්න […]

Lease එක මාරුකරන එක හොඳද නරකද ?

⭕ තියන ලීස් එකක් ගලවන එක හොඳද නරකද ? මම කියන්නේ ගත්ත ගාන එක්ක ඉවරකරද්දී එයාලා ඉල්ලන ගාන බලන්න ඕනේ ඉස්සෙල්ලා. මෙහෙම බලමු.ගත්තේ ලක්ශ 10/වාරිකය මාසෙකට 2500/ වසර 05 ට.එතකොට 25000 X 60 = 1500000/ ඉන්ශුවරන්ස් එකත් වෙලාවට දාලා වාරිකයත් වෙලාවට ගෙව්වොත් සහ ආයතනය යම් ඔබත් නොදන්නා හේතුවකට 🥺 වාරික වැඩිකිරීමක් නොකලොත් ගෙවන්න ඕනේ සහ […]

⭕ Vehiclebrokers.lk අපෙන්ම ලීසිං , ඩ්‍රාෆ්ට් ගන්න ඕනේ නෑ.එහෙම නියමයක් නෑ. ඒත් කතා කලොත් ඔබට අපෙන් දැනගන්න පුළුවන් වෙනවා. ස්තූතියි . Vehiclebrokers.lk කියන්නේ ලීසිං ආයතනයක් නොවුනට ඒ වගේ තැනක් තමයි ♥️ 0766437604www.vehiclebrokers.lk

Valuation

🔸 තක්සේරු වාර්තාව ගන්නේ ඔබ නෙමෙයි නම් අඩුම තරමේ තව ආයතන 05 ක් වත් පිලිගනී කියලා හිතෙන ආයතනයකින් ගන්න කියන්න වැලියුවේශන් ගන්න කෙනාට. හුඟක් වෙලාවට වෙන්නේ යම් වැරදීමකින් ලීස් එක රිජෙක්ට් උනොත් ඔබට සිදුවෙනවා අලුත් තැනකින් ලීස් එක ගන්න. එවිට අලුත් ආයතනය / බැංකුව කිව්වොත් තියන වැලියුවේශන් එක ගන්නේ නෑ කියලා ,ඔබට වෙනවා නැවත ගෙවලා […]

සමහර Suppliers ලා සාප..😂

ලීසිං එකක් යන වාහනයක Supplier Payment එක කරන්නේ RMV Confirmation එකෙන් පසුවයි. ඒක දන්නේ නැත්නම් ලීසිං වලට වාහන විකුනන්න හොයන්න එපා. ලීසිං යනවා නම් දෙන්නේ නෑ කියන්න.අත්පිට මුදලට ගැනුම්කරුවෙක් නොආවොත් උගස් තියලා අවශ්‍යතාවයට සල්ලි ගන්න බලන්න 😂ඒක පහසුයි. සමහර වාහන හිමියෝ මල ඇණ උනාම ඒකෙන් අසරන වෙන්නේ ගන්න යන මනුස්සයා 😂 ඊට පස්සේ ලීස් එක […]

ඔබගේ ලීසිං අවශ්‍යතාවය.

ඔබට අවශ්‍ය මුදල සහ ඒ සඳහා වන වාරිකය.මේ තමයි ඔබගේ ලීසිං අවශ්‍යතාවය. Vehiclebrokers.lk අපි,ඔබ මිලදී ගන්න වාහනයට අදාලව ඔබට ලබාදිය හැකි මුදල හරියටම කියනවා. එතකොට මීලඟට එන ගැටලුව තමයි වාරිකය.එතනදී Vehiclebrokers.lk අපි ඔබට සොයා ලබාදෙන්නේ ආයතනවල ඇති අඩුම වාරිකයයි. නැත්නම් කෙලින්ම බැංකුවෙතින් අවශ්‍ය ලීසිං කටයුතු අපි කරලා දෙනවා. ඔබ ගන්න ලීස් එකට ගෙවන්නේ ඔබ.ඉතිං ඒක […]

අවසානෙට පැමිනෙන අයිතිකරු 😂

අද තවත් සෙල්ලමක් අහුවුනා.😂 වාහනේ විකුනන්න දානවා.ගනන් කියනවා.වාහනේ පෙන්නනවා.සේරම කරලා දෙනවා. හැබැයි වාහනේ අයිතිකාරයා තමන් නෙමෙයි වගේ තමයි ඉන්නේ. Advance එකත් ගන්නවා වාහනේ වෙනුවෙන් . ලීස් එක Ok ,හෙට ගන්නවා කියලා කස්ටමර් Inform කලාම තමයි වාහනේ Boss කියන කෙනා කතාකරන්නේ 😂 ඔන්න කියනවා Boss මේ වාහනේ Cash වලට ගන්න කෙනෙක් මේ දැං ඉන්නවා.ඔයා ගන්නවා නම් […]

Sure කරලා ලීසිං ගන්න..

⭕ ලීස් එකක් දුන්නම ඒක Approve වෙනකම් ඔබ දන්නෙත් නෑ ආයතනය හෝ බැංකුව වෙනුවෙන් ලීස් එක කරන්න බාරගත්ත කෙනා දන්නෙත් නෑ. ⭕ නමුත් Vehiclebrokers.lk අපි මුලින්ම ලීස් එක ගන්නෙම කරන්න පුළුවන් නම් විතරයි.ඒ කියන්නේ Sure කරලා Approve කරගන්න පුළුවන් නම් විතරයි. ඒක කෙරෙන්නම ෆයිල් ඒක දාන එක තමයි අපේ විශේෂත්වය. ⭕ පස්සේ අරක උනා මේක […]

2023 Jan 25 th

⭕ අද අපි ලබාදුන් තවත් ඩ්‍රාෆ්ට් එකක්. මට ලේසියි බැංකු එක්ක වැඩකරන එක. බැංකුවෙතින් ගියානම් උපරිම දවස් දෙකයි හෝ තුනයි යන්නේ.❤️ මේ වාහනය 2012.බැංකුවෙතින් බැහැ ඒ නිසා. නොයෙක් හේතු නිසා සති තුනක් විතර ප්‍රමාදවුන ඩ්‍රාෆ්ට් එකක් මේක. Customer Requirement එක නිසා අපි මූල්‍ය ආයතනයකින් මේ ඩ්‍රාෆ්ට් එක අරගන්න උදව්කරනවා ලක්ශයකට 2583/ ක් විදිහට. ලක්ශ 36/ […]

2022 January 12

අද දවස තමයි දවස.😄මම ඊයේ මගේ පාරිභෝගික මහත්මයාගේ සියළුම අවශ්‍ය විස්තර Whatsapp හරහා ලබාගෙන ලීස් එකට අදාල සියළු දේ ලෑස්ති කලා.Lease එක දෙන්න අඩුවකට තිබුනේ Valuation එක විතරයි. ඔන්න උදේ මම වැලියුවේශන් එකත් ගන්න ලෑස්ති කරනවා .අදම D/O එක දෙන්නත් මම ලෑස්තියි.පාරිභෝගික මහතාවත් ඊයෙම දැනුවත් කලා අද දවල් වෙනකොට වාහනේ ගන්න ලෑස්ති කරලා දෙන්නම් කියලා […]

Vehiclebrokers.lk Bank Leasing Service

පාරිභෝගිකයාට බැංකුවෙතින් ලීසිං ගන්න ලේසියි ද ? බැංකුවේ තීරණ දෙකයි.එක්කෝ කරනවා,නැත්නම් නෑ. බැංකුවක් බෑ කිව්වොත් බෑම තමයි. නමුත් Vehiclebrokers.lk අපි කියනවානේ අපි ශුවර් එකට ලීස් එක අරන්දෙනවා කියලා. ඔව්.ඒක තමයි ඇත්ත.❤️ පසුගිය සතියේ මම ලිව්වා බැංකුවෙතින් ලීසිං දෙකක් යන්න තියනවා කියලා. එකක් තමයි Every එක.ඒක හරි.අනික මේක. ( වාහනේ ගැන නොලියා ඉන්න හිතුවා ) සිදුවීම […]

Forced Sale Value / Market Value

බැංකුවෙතින් ලීසිං යනකොට සමහර තැන් තියනවා Forced Sale Value එකෙන් 70% ක් ලීස් හැටියට දෙන. ඒ කියන්නේ ලක්ශ 68 / ක් මාකට් වැලිව් එකක් තියන වාහනේට ෆෝස්ඩ් සේල් වැලිව් එක තියෙන්නේ 66/ නම් .ලීස් එක දෙන්නේ 66/ න් 70% ක්.ඒ කියන්නේ 46/20 ක්. එහෙම නැතුව මාකට් වැලිව් එකට ගත්තොත් සමහර බැංකු උපරිම දෙන්නේ 50% සිට […]

Ad

✅ ජපන් බස්, ✅ ෆ්‍රීසර් ට්‍රක්,✅ කාර් ✅ Leaf කාර්,✅ Chinese ලොරි, ✅ වෑන්,✅ Buddy Truck ✅ ජීප්✅ European වාහන සඳහා .. ⭕ බැංකු වෙතින් අඩුම පොලියට හෝ මූල්‍ය ආයතන වෙතින් අවශ්‍ය ඉහලම ලීසිං මුදල ගන්න කතාකරන්න..Vehiclebrokers.lk ආයතනය ට.0766437604 Whatsapp .http://wa.me/+94766437604 Pagewww.fb.me/vehiclebrokers.lk Webwww.vehiclebrokers.lk

Our Service

Vehiclebrokers.lk අපි හැමවිටම ඔබට ලීසිං ලබාදෙන්න කටයුතු කරන්නේ බැංකුවෙතින් . අඩුවුන පොලී අනුපාතයට ලක්ශයකට වසර 05 කට රුපියල් 2476 / සිට ඉහලට තමයි අපේ ලීසිං වාරික පටන්ගන්නේ.හැම වාහනයකටම දෙන්න බැහැ වගේම මේ සඳහා යම් යම් කොන්දේසි අදාල වෙනවා. දැනට පවතින අඩුම Rate එක හැටියට සැලකෙන්නේ 16.5% ක් .ඒ බැංකුවෙතින් . මූල්‍ය ආයතන Rate හරියටම අපිටත් […]

Rate අඩු වෙයිද.

Rate අඩුවෙයි නේද ..😵‍💫 2023 ජූලි 05 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතයන් 11% ට අඩුකරනු ලැබුවා. ඒ නිසා වානිජ බැංකු ඔවුන්ගේ පොලී අනුපාතයන් පහත හෙලනු ලැබීම හේතුවෙන් අපිට ලීසිං පොලී වාරිකයන් 16.5% ට අඩු උනා. දැන් කවුද හිතන්නේ තව බැංකු පොලී අනුපාතයන් 11% ත් පහලට එයි කියලා.😂 මේ දැනට රට යන විදිහට ඔය […]

අසාධාරන ගානක් ඉල්ලන්න.

⭕ බැංකු ගිණුම් විස්තර හොඳ නම් ඔබට අසාධාරනයි කියලා හිතෙන ගානක් ලීසිං ඉල්ලන්න 🤗 ගියොත් වචනයක් විතරයි.ආවොත් ඇතෙක් වගේ ලීස් එකක් ❤️ Vehiclebrokers.lk0766437604

ඩ්‍රාෆ්ට් හරියට දන්නවද.

⭕ ඩ්‍රාෆ්ට් ගැන දන්නවද.හරියටම දන්නවද.🤔 දන්නේ පොලිය විතරක් ගෙවෙනවා කියන එකද.නැත්නම් ටික ටික මුදල් දාලා මුලු මුදල අඩුවෙනකොට පොලියත් අඩුවෙනවා කියන එකද..🤗 ඔව් ඒවා ඇත්ත. ඒත් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ගන්න. හේතුව , කලින් ගෙවා අවසන් කරන්න ගියාම ඉදිරි මාසයකට දෙකකට මුදල් ඉල්ලන්නේ නැති ආයතනයක්ද යන්න සැක හැර දැනගෙන ඩ්‍රාෆ්ට් එක ගන්න.🤗 නැත්නම් එයා […]

කාලය තමයි වැදගත් .

🔶 ලීස් එකක් අනුමත වෙන්න ගතවෙන කාලය තමයි හුඟක් වැදගත්. ⭕ Lease ලක්ශයකට රුපියල් 2600/.( ස්ථාවර වාරික ,වසර 05 ) ⭕ Draft ලක්ශයකට රුපියල් 2150/.( ගිවිසුම් කාලය වසර 02 යි.) 🔶 ඔබට වාහනය ඉක්මනින් ඕනේ,විකුනන කෙනාට මුදල් ඉක්මනින් ඕනේ.🤔 අපිට Documents හරියට ලැබුනොත්,ලැබුන දවසේ ඉඳලා දවස් දෙකෙන් හෝ තුනෙන් ලීස් එක ඉවරයි.🤗 ❤️ කරන්න බැරිනම් […]

Lorry & Freezer

⭕ ලොරි සහ ෆ්‍රීසර් වලට ලීසිං.⭕ වාහනේ විස්තර අපිට වට්ස්ඇප් කරන්න.ඔබට ඕනෙ ගාන කියන්න. Rate 24% හරි 30% හරි.ලක්ශයකට රුපියල් 2875/ ක් හරි රුපියල් 3200/ ක් හරි. අපිට කතාකරලා වැඩේ හරි නොගියොත් ඔබට නැතිවෙන්නේ වචනයක් විතරයි. ඒත් වැඩේ හරි ගියොත් ලීස් එක ඔබේ. Vehiclebrokers.lk0766437604 ✅ Whatsapp.http://wa.me/+94766437604 ✅ Page .www.fb.me/vehiclebrokers.lk

Give us Rejected Leases

⭕ සේරම හරියටම තිබිලත් බැංකු වෙතින් අවශ්‍ය ගාන නොලැබුන ලීස් හෝ.බැංකුවෙතින් ප්‍රතික්ෂේප කල ලීස් තියනවා නම් අපිට එවන්න. අපි කරලා දෙන්නම්.වසර 05 කට ලක්ශයකට රුපියල් 2875 / ක් හෝ 2963 / ක්. සමහර වෙලාවට 80% ත් අවුලක් නෑ. හුඟක් අය රැවටෙන්නේ “අඩුම පොලී අනුපාතය ” කියන වචනෙට. පොලිය අඩුවෙලා වැඩක් තියනවද ලීසිං දෙන්න හොරයි නම්.😂 […]

Leasing

⭕ 80% ක් හෝ ඊට එහා ගානක් ලීසිං ඉල්ලනකොට ඒ ගානට එන වාරිකය ගෙවන්න පුලුවන්ද බලන්න ඉස්සෙල්ලම. එහෙම පුළුවන් නම් අපි ශුවර් කරලා ලීස් එක අරන්දෙන්නම්. නැත්නම් කරදරයක් නැතුව අවශ්‍ය ලීස් එක බැංකුවෙතින් අරන්දෙන්නත් අපිට පුලුවන් . Vehiclebrokers.lk0766437604

අද තවත් සෙල්ලමක් අහුවුනා.😂 වාහනේ විකුනන්න දානවා.ගනන් කියනවා.වාහනේ පෙන්නනවා.සේරම කරලා දෙනවා. හැබැයි වාහනේ අයිතිකාරයා තමන් නෙමෙයි වගේ තමයි ඉන්නේ. Advance එකත් ගන්නවා වාහනේ වෙනුවෙන් . ලීස් එක Ok ,හෙට ගන්නවා කියලා කස්ටමර් Inform කලාම තමයි වාහනේ Boss කියන කෙනා කතාකරන්නේ 😂 ඔන්න කියනවා Boss මේ වාහනේ Cash වලට ගන්න කෙනෙක් මේ දැං ඉන්නවා.ඔයා ගන්නවා නම් […]

Our Service

අප වෙතින් ලීසිං ලබාගන්න පාරිභෝගිකයන් සතුටින් තියන්නයි Vehiclebrokers.lk අපිට ඕනේ. ඒ වෙනුවෙන් අද වගේම හෙටත්,අපි අපේ Service එක ඔබට නිවැරදිව හරියටම ලබාදෙනවා. ස්තූතියි . Thusith Jayanandana .Vehiclebrokers.lk0766437604

ව්‍යාපාර නැගීම් වැටීම් ..

⭕ අපි කොච්චර හොඳට ආදායම් විස්තර බැලුවත් ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාර කොයි මොහොතක හෝ කඩාවැටීමේ අවධානමක් තියෙන්න පුළුවන් . අද හොඳට ඉන්න කෙනා හෙට නැතිවෙන්නම වැටෙන්න පුළුවන් . ඒ වගේම බැංකු ගනුදෙනු නොකරන සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුගේ ආදායම වඩා ස්තාවර වෙන්නත් පුළුවන් . ලීස් / ලෝන් ගන්න බැංකු ගනුදෙනු කරන්නම ඕනේ කියන නිර්ණායකය හැදුවේ කවුද මංදා. එහෙම […]

ත්‍රීවීල් බයිසිකල්.

⭕ අපි ත්‍රීවීල් සහ බයිසිකල් කරනවාද.. නැහැ. ඇයි ඒ.කලින් කරන්න හැදුවා නේද. ඔව්. නමුත් අපිට හරියට ඒ ලීස් කරන කෙනෙක් ලැබුනේ නැහැ.ඒ නිසා පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන මුදල දෙන්න පුලුවන්ද බැරිද කියලා අපිට හරිහැටි වැටහීමකුත් නැහැ. වාහන පිලිබඳව නම් අපි දැනුවත්.ඒත් ත්‍රීවීල් සහ බයිසිකල් වෙන්නේ කොහොමද කියලා නිසි වැටහීමක් නැතුව පාරිභෝගිකයාව රස්තියාදු කරවන්න කැමැත්තක් නැහැ. එතකොට […]

අවුලක් නෑ.මට ගෙවන්න පුළුවන් 😂

ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් මට Driving පුළුවන් කියලා. ඒත් එහෙම කිව්වට බෑනේ.ඩ්‍රයිවින් පුළුවන් කිව්වට ඩ්‍රයිවින් ජොබ් ගන්න බෑ. ඒකට පිලිගත් නිර්ණායකය වන්නේ ඩ්‍රයිවින් ලයිසන් එක. සමහරවිට ලයිසන් එක කොච්චර පරනද කියලා බලලා ට්‍රයල් එකකුත් දීලයි රැකියාව දෙන නොදෙන එක තීරණය කරන්නේ . “මට ගෙවන එක ප්‍රශ්නයක් නෑ.ලීස් එක අරන්දෙන්න කිව්වම.😌 මම. ඔබගේ ආදායම් විස්තර මොනවද […]

ලීසිං ගැන.

ලීස් එකක් ගන්නකොට හොදට හොයල බලලා..ලීසිං පිලිබදව දැනුවත් වෙලා තමයි ගන්න ලීසිං එක ගන්න ඕනේ… වාහනය ගන්න ඕනේ කියන එක ගැන විතරක් බලන්න එපා.. ✔️මේ ගන්න ලීසිං එක ගෙවන්නෙ කොහොමද… ✔️මට කරදරයක් නැතුව ගෙවන්න පුලුවන් ද.. ✔️ඒකට මගේ ආදායම ස්ථාවරද.. ✔️වාරිකය ගෙවලා ජීවත් වෙන්නත් මට ඉතුරු මුදලක් තියනවද.. ✔️අනතුරක් උනොත් අතින් හදලා ඉන්ශුවරන්ස් එකට පෙන්නන්න […]

Benifits.( වසරකට කලින් ලිව්ව පෝස්ට් එකක්.)

ලීසිං ගන්නකොට විතරක් නෙමෙයි,හැම අවුරුද්දෙම Insurance එක දවස් 45 ක Credit එකත් එක්ක ඔබ කැමති තැනකින් ඔබම ගන්න. කැමති වෙලාවක Insurance එක මාරු කරලා බැංකුවට දැනුම්දෙන්න. වාරික මුදල් ගෙවිලද කියලා ඔබම ඔබේ ගිණුම OnLine බලන්න. එකවර ගෙවා අවසන් කරනවා නම් පොත්පත් පැය 03 ක් ඇතුලත ගන්න. Vehiclebrokers.lk අප වෙතින් ලබාගත් ලීස් එකක යම් ගැටළුවක් ඇතිවුනොත් […]

Draft ( Written 2021/06/03)

. ♥️ Draft..♥️ලක්ශයකට රුපියල් 991 ටලාබයි ද…පේන්නේ ඒ වගේ නේද.. 👉ගැඹුරු දියක මතුපිටින් බලලා ගැඹුර තීරණය කරන්න බෑ..ඒ වගේ තමයි මූල්‍ය ණය.. 👉ලක්ශ 10 කට 9910 / ක් පොලිය විතරක් ගෙවන්න ඕනේ මාසෙකට.. 👉ලීසිං නම් 21730 / ක් වසර 05 ක කාලයකට මුදලයි පොලියයි හැටියට.. දැං ලීසිං එකෙයි Draft එකෙයි වෙනස කීයද ..රුපියල් 11820 /ක් […]

Full Lease ( Written by 2021/06/03)

Full Lease..Comment කරලා අහනවා..Whatsapp කරලා අහනවා..Call කරලා අහනවාඅහනවා, අහනවා.අහනවා.. 🔥ඇහුව හැමෝටම මම උත්තර දීලා තියනවා.. ඔන්න දැන් පැහැදිලිවම ලියනවා.. ෆුල් ලීස් එකක් ගන්න යම් කරුනු කාරනා කිහිපයක් සපිරෙන්න ඕනේ.. ඉස්සෙල්ලම වාහනය .. උදාහරනයක් ලෙස Suzuki Specia 2016 නිශ්පාදිත වාහනයක් ගනිමු.. මිල ලක්ශ 31 / ඉදලා ලක්ශ 35/ ක් වෙනකම් යනවා.. එතකොට අපි ලීස් එක දෙන්න […]

Bank Leasing ( Written by 2021/06/04)

දෙයක් කියන්නද..🔥 ඔබ ගන්න හදන ලීසිං එක තියනවා නේ…නේද..ඔව්..අන්න ඒ අවශ්‍ය ලීසිං එක ලේසියෙන් අපි “බැංකුවකින් ” අරන් දෙන්නද . 👉ඔව් බැංකුවකින් .. 🔥ලක්ශයකට 2073 / ක් හෝ 2143 / ක වාරිකයකට ..(පොලී ප්‍රථිශතය 9.25% හා 10% )Valuation එකෙන් 70% ගන්නවා නම් පමනක් ..හා…අපි කරලා දෙන්නම්.. 👉ඔබ ගෙදරම ඉන්න, 👉Delivery Order එක ගන්න වෙලාවට විතරක් […]

How do you apply a Lease.

Vehiclebrokers.lk අප වෙතින් ලීසිං ලබාගන්නට නම් ඔබ දැනට භාවිතාවෙන බැංකු ගිනුම් හිමිකරුවෙකු වියයුතුයි.. මාසික වේතනය බැංකුවට යනවා නම් පමනයි ලීසිං එක අපිට කලහැකි වන්නේ..නැතුව , මට මාසික පඩිය මෙච්චරයි හැබැයි බැංකුවට යන්නේ නෑ කිව්වම අපිට ඒ ලීසිං එක කරන්න බෑ.. ඒ වගේ ලීසිං කරන තැන් ඇති,නමුත් අපි එහෙම කරන්නේ නෑ. ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ගිනුම් ප්‍රකාශන […]

Valuation ( Written by 2021/06/14)

මේකට කීයක් දෙන්න පුලුවන්ද කියලා අහලා මට ෆොටෝ Whatsapp එනවා..හුගක් ඒවා Web වල Water mark එක්ක එවන්නේ..දැං මං මොකක්ද කරන්නේ,Valuation එක ගන්න මම ඒ එවන පින්තූර යවනවා.. එතකොට..එතකොට වැලියුවේශන් එකේ අය හොයා ගන්නවා ඒ වාහනේ මිල.. දැං මොකද කරන්නේ..එතකොට එයාලා එවනවා මිලක්,ආයෙ වෙනස් නොකෙරෙන්න.. බැංකු නම් එහෙම එච්චර ප්‍රශ්නයක් නෑ..නමුත් ලොකු ගානක් බලාපොරොත්තු වෙන වාහන […]

Why You need to choose Vehiclebrokers.lk ( 2021 June 16 )

ඔබ Vehiclebrokers ආයතනය එක්කම ලීසිං යන්න ඕනේ ඇයි කියන එක මම අද පැහැදිලි කරන්නම්.. සමහර අය අහලත් තියනවා… ලීසිං ගන්න ගියාම,ඔබට හැකියාව තියනවාද ඒ පිලිබදව පැහැදිලිව දැනගන්න හෝ යම් විමසීමක් කරන්න.. නැත්නම් ,ඔබ මුනගැහෙන නිලධාරියාට වෙලාව තියනවද ඔබට අදාල පැනයන්ට පිලිතුරු සපයන්න.. ඔබ එකගවෙන මුදල හෝ වාරිකය හරිම වාරිකය හෝ මුදල බව ඔබ දන්නේ කොහොමද.. […]

Re Finance .( 2021 June 21st )

ReFinance එකක් කොහොමත් ඔබට සුභ විදිහට බලපාන්නේ නෑ..ඒක මුලින්ම කියන්න ඕනේ.. ඒක හරියට ගඟක බාගයක් පීනලා ඉන්න කෙනෙක්ව නැවත ඉවුරට ගෙනත් ආයෙමත් ඒ දුරම පීනන්න කියනවා වගේ දෙයක්.. තේරුමක් ඇත්තෙම නෑ.. ReFinance කරන්න හේතු කිහිපයක් බලපානවා.. එන වාරිකය ටිකක් වැඩී වගේ උනාම, වාරිකය ටිකක් අඩු කරගන්න ඕනෙ නිසා අපි කියනවා කාලය වැඩිවුනාට කමක් නෑ වාරිකය […]

Valuation.

Valuation වලදී සමහරවිට පාරිභෝගිකයා බලාපොරොත්තුවෙන් ඉන්න ලීසිං මුදල ලක්ශයකින් දෙකකින් වගේ මදි උනොත් වැලියුවේශන් ආයතනයට කතාකරලා සමහරවෙලාවට ඒක වැඩිකරගන්න පුළුවන් අවස්තාවන් තියනවා. නමුත් හැම වෙලාවෙම හැම වාහනයටම එහෙම බැහැ. සමහර වෙලාවට අදාල ලීසිං ආයතනයේ වගකිවයුතු නිලධාරියෙක් වැලියුවේශන් කම්පැනියට කතාකරලා කියන්න වෙනවා මේ වැඩියෙන් ඉල්ලන තක්සේරු වාර්තාව නිසා වැලියුවේශන් කම්පැනියට හානියක් හෝ අගතියක් නොවන බවට. වැඩියෙන් […]

Guarantor Sign කරනවද,නැද්ද ?

Guarantor ..Sign කරනවද නැද්ද ?Sign කරනවද නැද්ද.? Sign කලොත් යාලුවා සතුටුයි. යාලුවෙක් වෙනුවෙන් යාලුවෙකුට දියුනුවට හෝ බලාපොරොත්තු ඉටුකරන්න ලැබුනානේ කියන හිතේ සතුට ඔබට තියෙයි. යාලුවාගේ පැත්තෙන් ගත්තොත් “මචං උබ ලොකු උදව්වක් කලේ.හුඟක් ස්තූතියි මචං.හුඟක් උං මගහැරියා බං කියන කතාව අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් . ඔව්.ඔබ හොඳ මිතුරෙක්.අවශ්‍ය වෙලාවේදී හැමෝම මගහරින මොහොතක උදව් කලේ. ඒ වගේම හැමවිටම […]

සමහර ආයතන හෝටල් වගේ 😂Published by 2021 July 01st

ඔය කවුරුවත් දන්නෑ මම කරපු හැටි.♥️හිතාගෙන හිටියේ මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියන්න..😊ඒත් ඊට කලින් දැන් ලියන්නම්…😂 මහත්වරුනි..හැමෝම ලීසිං ෆීල්ඩ් එකේ කටයුතු කරන්නේ තමන් වැඩකටයුතු කරන ආයතනය වෙනුවෙන් නව පාරිභෝගිකයන් හොයන්න..ඒ වෙනුවෙන් ආයතනයන් ව්‍යාපාර ඉලක්කයන් ලබාදෙනවා ඔවුන්ට.. Company is The King 😂න්‍යායෙන් තමයි එතන ඉදලා ඔවුන් වැඩ.. අවුලක් නෑ..Job එකනේ.. ඊට පස්සේ එයාලගෙ ඔලුවේ ඔටුන්න එනවා,කෙනෙක් […]

Published by 2021 July 02

වැඩක් කරගන්න ලේසි කොහොමද .. ලේසි ම විදිහක්..♥️ලේසි ලේසි ලේසි විදිහක්..♥️♥️ මොන වැඩේ කරන්න ගියත් අඳුරන කෙනෙක් හිටියොත් ඕනෙම වැඩක් ලේසි වෙනවා නේද..👍 බැංකුවට ගියත්, රෝහලකට ගියත්, පොලීසියට ගියත් අපි අඳුනන කෙනෙක් ඉන්නවද කියලා බලන්නේ ඒ නිසා නේද. 🔥 ඔබට කරගන්න පුලුවන් වැඩේම ලේසියෙන් ඉක්මනින් කරගන්න පුලුවන් දන්න අඳුරන හිතවත් කෙනෙක් හිටියොත්..😊 සමහරවිට ඔබගේ අවශ්‍යතාවයටත් […]

Published by 2021 July 04th

ලීසිං කරලා වාහනයක් ගන්න නම් Valuation එකක් ඕනෙ බව ඔබ දන්න කාරණයක්.. එතකොට ඒ වැලියුවේශන් එකට අයකරන මුදල යම් යම් ආයතන මත වෙනස් වෙන බව ඔබ දන්නවද..😊 ආයතනයේ තත්වය , පිලිගැනීම , කීර්ති නාමය, පලපුරුද්ද ,වගකීම වගේ දේවල් මත මිල ගනන් වෙනස්වෙන්න පුලුවන් ..ඒ වගේම වාහනය පරීක්ශාවකට බැහැරට යන්න උනොත් ඒ සඳහා යම් මුදලක් ආයතනය […]

Published by 2021 July 05th

🔖හිතෙන්නේ නැද්ද..Vehiclebrokerslk අපි මේ “Bank Leasing” කර්තව්‍යය කොහොම කරනවා ඇද්ද කියලා.. 🧿Bank එක.. ඔබ ඔබේ ලිපිගොනු උස්සන් බැංකුවට යන්න ඕනේ බැංකුවක ඒ ගැම්ම බලන්න..( ඔබට හොඳ Contacts ඇත්නම් Tea එකකුත් බීලම වැඩෙත් එකෙන්ම කරගෙන එන්න පුලුවන් ..) 🔖Vehiclebrokers.lk අපි.. අපිට ඒ තොරතුරු ම whatsapp කලාම ඇති අදාල File එක හදන්න..අපිව හම්බවෙන්න කොහෙත්ම ඕනේ නෑ.. 🧿Bank […]

Settlement ( Published by 2021 july 06 th)

Settlement …🧿මේ ගැන පැහැදිලි කරන්න මම ගන්න පොඩි උත්සාහයක් මේ..♥️ ♥️කොහොමත් @Vehiclebrokers.lk මට ලීසිං වලට එහා දෙයක් නෑ ලියන්නයි කතාකරන්නයි.. හරි..මගේ ලීසිං වල එක් ක්‍රමයක් තමයි ලක්ශයකට 2143 / ට ලීසිං ලබාදෙන එක..♥️ මේක ඔබට ලාබද පාඩුද..අපි බලමු..😎 🔖 ලක්ශ 10 කට වාරිකය 21430 / ක් වෙනවා එතකොට වසර 05 ක් සඳහා ..මේක තමයි උදාහරනය. […]

Delivery Order

🔖 මොකක්ද මේ D/O එක එහෙමත් නැත්නම් Delivery Order එක කියන්නේ .. මේක නිකම් ම නිකම් දැන්වීමක් ,දැනුම්දීමක් වගේ දෙයක් කිව්වොත් යම්තාක් හරි.. ඒකේ කොටස් දෙකක් තියනවා..Delivery Order එක සහConfirmation Letter එක ලෙස.. මොකක්ද මේ Confirmation Letter එක..ඉස්සෙල්ලම ඒක බලමු.. ඒකෙන් කියන්නේ Leasing facility එක අනුමත උන බවත් RMV එකට අදාල ලිපි ලේඛන බාරදීමෙන් අනතුරුව […]

Legal

ලීසිං ගෙවාගන්න බැරි උනොත්..?ඔව්…ඔබට ලීසිං වාරික ගෙවාගන්න බැරුව හිරවුනොත් ඔබ මොකද කරන්නේ…මේක සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් ප්‍රවනතාව වැඩියි…ඔබ අසනීප උනොත්..රැකියාව අහිමි උනොත්..වාහනේ කැඩුනොත්..වෙන යම් පෞද්ගලික මානසික බිදවැටීමක් වෙලා ඒ වගේ තත්වයක් උද්ගත උනොත්….? ඔබ මොකද කරන්නේ… ලීසිං වාරිකයට මුල් තැන දෙනවද..ලීසිං ප්‍රශ්නේ ඕනෙ දෙයක් උනාවේ කියලා ජීවිතේ ගෙනියන්න බලනවාද… අමතක කරන්න එපා.. මෙතනදී අනෙක් ප්‍රශ්න සේරමත් […]

Top