ලීසිං ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි.

01- තෝරාගත් වාහනයේ විස්තර.
02- ID එක.
03- ආදායම් විස්තර.
04- ඇපකරුවන් .

⭕ මුලින්ම වාහනයේ විස්තර ඉදිරිපත් කරලා පිලිගත් ආයතනයකින් වැලිවේශන් එකක් බලාගන්න.
Valuation එක ගන්න නෙමෙයි කියන්නේ , කීයක් තක්සේරු වෙනවද කියලා බලාගන්න.
ඒකෙන් 60% හෝ 70% හෝ 80% හැටියට ඔබට අවශ්‍ය ලීසිං මුදල පිලිබඳව වැටහීමක් එතකොට ඔබට ගන්න පුළුවන් .

ආයතනයක Internal Valuation යනවා නම් ඒක හරියට මාකටිං ඔෆිසර් එක්ක කතාකරගන්න ගන්න පුළුවන් ගාන හරියටම.

⭕ ගැනුම්කරුගේ ජාතික හැදුනුම් පත හෝ ඩ්‍රයිවිස් ලයිසන් එක හෝ වලංගු Passport එක.

පාස්පෝට් එක ගන්නේ හැඳුනුම් පත හෝ ලයිසන් එක අපැහැදිලි නම් විතරයි බොහෝවිට .

මුලින්ම ක්‍රිබ් එක චෙක් කරන්න තමන් ලීස් එක ගන්න සුදුසුද නැද්ද කියලා හරියට මුලින්ම පරීක්ෂා කරගන්න.

⭕ මාස 03 ක 04 ක හෝ මාස 06 ක ආදායම් විස්තර .
ආදායම් විස්තර කිව්වම ඉතිරිකිරීමේ ගිනුමක නම් අලුත්ම Update එක.

Bank Statements හෝ ඔන්ලයින් ස්ටේට්මන්ට්ස්. ( Screen Shot නෙමෙයි )
ඔන්ලයින් බෑන්ක් ස්ටේට්මන්ට් නම් PDF හැටියට ඩවුන්ලෝඩ් කරලා එවන්න ඕනේ.

අමතර ආදායම් ඇත්නම් ඒවා.
උදාහරණයක් ලෙස OnLine Business Details. කඩ සාප්පු , ගෙවල් බදු ඔප්පු.
වගා ආදායම්.

බැංකු ගණුදෙනු බලනවා හුඟක් වෙලාවට ආදායම් සහ ව්‍යාපාර ස්වභාවය පිලිබඳව යම් වැටහීමක් ගන්න.

⭕ වාහනයේ ලියාපදිංචිය සඳහා.

ID එකේ Address එක දැනට පදිංචි ලිපිනය වෙනස් නම් දැනට ඇති ලිපිනයට තමන්ගේ නමට / දෙමව්පියන්ගේ නමට ඇති පදිංචිය තහවුරුකිරීමේ පිලිගත් ලියවිල්ලක් ( වතුර බිලක් / විදුලි බිලක් ) හෝ ග්‍රමසේවා සහතිකයක් අවශ්‍ය වෙනවා.

වාහනය ලියාපදිංචිය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඔබේ පාස්පෝට් සයිස් පින්තූර දෙකක් ලබාදියයුතු වෙනවා.

වාහනයේ අමතර යතුරක් සමහරවිට ඉල්ලුවොත් දෙන්න වෙනවා ලීසිං ලබාදෙන ආයතනයට .

⭕ ඇපකරුවන් .
ඔවුන්ගේ ID සහ ආදායම් / මාස 03 ක ගිනුම් විස්තර අවශ්‍ය වෙනවා.

රජයේ ඇපකරුවන්ට වඩා ආයතනයක් කැමතියි ව්‍යාපාරිකයන් ඇපකරුවන් හැටියට ගන්න.

ආදායම් විස්තර ගැලපෙනවා නම් රජයේ ඇපකරුවන් අවුලක් නෑ.

🔻වැදගත් කරුනු ..

⭕ හැමවිටම ලීස් එක Confirm නම් විතරක් ඇඩ්වාන්ස් කරන්න.

⭕ ලීසිං ඩොකියුමන්ට්ස් සේරම Ok නම් පමණක් Valuation එක ගන්න.

⭕ හැමවිටම ලීසිං ගැන දැනුවත් වෙලා, ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන දැනුවත් වෙලා .ගෙවන්න පුළුවන් වාරිකයකට ලීසිං ගන්න.

⭕ අර ආයතනයේ , මේ කම්පැනියේ දාලා දුවනවා කියලා ලිපි ඉදිරිපත් කරන්න කලින් ඒ ආයතනය ඔබේ වාහනයට නොගෙවා හිටියොත් ඔබ කරන්නේ මොකක්ද කියලා මොහොතක් හිතලා තීරණය කරන්න.

⭕ වාරිකය අදාල දවසට නියමිත මුදලම ගෙවන්න.

⭕ හැම අවුරුද්දෙම ඉන්ශුවරන්ස් එක ගෙවන්න තියන බව මතක තියාගන්න. හුඟක් වාහන Arrears වෙන්නේ මේ Insurance එක ගෙවන්න ආවාම.

⭕ ඔබගේ ලීසිං කටයුතු සඳහා හැමවිටම විස්වාසවන්ත බැංකුවක්, ආයතනයක් සහ විස්වාසවන්ත පුද්ගලයෙකුගේ සහය ලබාගන්න .

⭕ බැංකුවෙතින් ලීසිං ගන්න අවශ්‍ය නම් Vehiclebrokers.lk අපිට කතාකරන්න .

ස්තූතියි .
✍️ තුසිත් ජයනන්දන

Top