ලීසිං ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි.
01- තෝරාගත් වාහනයේ විස්තර.
02- ID එක.
03- ආදායම් විස්තර.
04- ඇපකරුවන් .
මුලින්ම වාහනයේ විස්තර ඉදිරිපත් කරලා පිලිගත් ආයතනයකින් වැලිවේශන් එකක් බලාගන්න.
Valuation එක ගන්න නෙමෙයි කියන්නේ , කීයක් තක්සේරු වෙනවද කියලා බලාගන්න.
ඒකෙන් 60% හෝ 70% හෝ 80% හැටියට ඔබට අවශ්‍ය ලීසිං මුදල පිලිබඳව වැටහීමක් එතකොට ඔබට ගන්න පුළුවන් .
ආයතනයක Internal Valuation යනවා නම් ඒක හරියට මාකටිං ඔෆිසර් එක්ක කතාකරගන්න ගන්න පුළුවන් ගාන හරියටම.
ගැනුම්කරුගේ ජාතික හැදුනුම් පත හෝ ඩ්‍රයිවිස් ලයිසන් එක හෝ වලංගු Passport එක.
පාස්පෝට් එක ගන්නේ හැඳුනුම් පත හෝ ලයිසන් එක අපැහැදිලි නම් විතරයි බොහෝවිට .
මුලින්ම ක්‍රිබ් එක චෙක් කරන්න තමන් ලීස් එක ගන්න සුදුසුද නැද්ද කියලා හරියට මුලින්ම පරීක්ෂා කරගන්න.
මාස 03 ක 04 ක හෝ මාස 06 ක ආදායම් විස්තර .
ආදායම් විස්තර කිව්වම ඉතිරිකිරීමේ ගිනුමක නම් අලුත්ම Update එක.
Bank Statements හෝ ඔන්ලයින් ස්ටේට්මන්ට්ස්. ( Screen Shot නෙමෙයි )
ඔන්ලයින් බෑන්ක් ස්ටේට්මන්ට් නම් PDF හැටියට ඩවුන්ලෝඩ් කරලා එවන්න ඕනේ.
අමතර ආදායම් ඇත්නම් ඒවා.
උදාහරණයක් ලෙස OnLine Business Details. කඩ සාප්පු , ගෙවල් බදු ඔප්පු.
වගා ආදායම්.
බැංකු ගණුදෙනු බලනවා හුඟක් වෙලාවට ආදායම් සහ ව්‍යාපාර ස්වභාවය පිලිබඳව යම් වැටහීමක් ගන්න.
වාහනයේ ලියාපදිංචිය සඳහා.
ID එකේ Address එක දැනට පදිංචි ලිපිනය වෙනස් නම් දැනට ඇති ලිපිනයට තමන්ගේ නමට / දෙමව්පියන්ගේ නමට ඇති පදිංචිය තහවුරුකිරීමේ පිලිගත් ලියවිල්ලක් ( වතුර බිලක් / විදුලි බිලක් ) හෝ ග්රමසේවා සහතිකයක් අවශ්‍ය වෙනවා.
වාහනය ලියාපදිංචිය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඔබේ පාස්පෝට් සයිස් පින්තූර දෙකක් ලබාදියයුතු වෙනවා.
වාහනයේ අමතර යතුරක් සමහරවිට ඉල්ලුවොත් දෙන්න වෙනවා ලීසිං ලබාදෙන ආයතනයට .
ඇපකරුවන් .
ඔවුන්ගේ ID සහ ආදායම් / මාස 03 ක ගිනුම් විස්තර අවශ්‍ය වෙනවා.
රජයේ ඇපකරුවන්ට වඩා ආයතනයක් කැමතියි ව්‍යාපාරිකයන් ඇපකරුවන් හැටියට ගන්න.
ආදායම් විස්තර ගැලපෙනවා නම් රජයේ ඇපකරුවන් අවුලක් නෑ.
වැදගත් කරුනු ..
හැමවිටම ලීස් එක Confirm නම් විතරක් ඇඩ්වාන්ස් කරන්න.
ලීසිං ඩොකියුමන්ට්ස් සේරම Ok නම් පමණක් Valuation එක ගන්න.
හැමවිටම ලීසිං ගැන දැනුවත් වෙලා, ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන දැනුවත් වෙලා .ගෙවන්න පුළුවන් වාරිකයකට ලීසිං ගන්න.
අර ආයතනයේ , මේ කම්පැනියේ දාලා දුවනවා කියලා ලිපි ඉදිරිපත් කරන්න කලින් ඒ ආයතනය ඔබේ වාහනයට නොගෙවා හිටියොත් ඔබ කරන්නේ මොකක්ද කියලා මොහොතක් හිතලා තීරණය කරන්න.
වාරිකය අදාල දවසට නියමිත මුදලම ගෙවන්න.
හැම අවුරුද්දෙම ඉන්ශුවරන්ස් එක ගෙවන්න තියන බව මතක තියාගන්න. හුඟක් වාහන Arrears වෙන්නේ මේ Insurance එක ගෙවන්න ආවාම.
⭕ ඔබගේ ලීසිං කටයුතු සඳහා හැමවිටම විස්වාසවන්ත බැංකුවක්, ආයතනයක් සහ විස්වාසවන්ත පුද්ගලයෙකුගේ සහය ලබාගන්න .
⭕ බැංකුවෙතින් ලීසිං ගන්න අවශ්‍ය නම් Vehiclebrokers.lk අපිට කතාකරන්න .
ස්තූතියි .
තුසිත් ජයනන්දන