Valuation
🔸 තක්සේරු වාර්තාව ගන්නේ ඔබ නෙමෙයි නම් අඩුම තරමේ තව ආයතන 05 ක් වත් පිලිගනී කියලා හිතෙන ආයතනයකින් ගන්න කියන්න වැලියුවේශන් ගන්න කෙනාට.
හුඟක් වෙලාවට වෙන්නේ යම් වැරදීමකින් ලීස් එක රිජෙක්ට් උනොත් ඔබට සිදුවෙනවා අලුත් තැනකින් ලීස් එක ගන්න.
එවිට අලුත් ආයතනය / බැංකුව කිව්වොත් තියන වැලියුවේශන් එක ගන්නේ නෑ කියලා ,
ඔබට වෙනවා නැවත ගෙවලා Valuation එකක් ගන්න.
එතනදී ඔබට ශුවර් නැතුව යනවා අලුත් ලීස් එකත් කෙරෙයිදෝ කියලා.
එවලෙට ඔබට කරන්න වෙන දෙයක් නෑ.
ආයෙත් ගෙවන්න වෙනවා.
ඒ නිසා හැමවිටම පිලිගත් ආයතනයක්ම හොයාගන්න උත්සාහ කරන්න.
කොලබ ඔබට ලීස් එක දෙන්නේ කොලබින්ම නම් ඒ සඳහා යාපනයේ වැලියුවේශන් කම්පැනියක වැලියුවේශන් එකක් ලැබෙනවා නම් ඒ ගැන හිතන්න දෙයක් තියනවා .
ඒ වගේම වැලියුවේශන් එකේ නම යම් විදිහකින් වෙනස් කරගන්න ඕනේ උනොත් ( වෙන ආයතනයකට යන්න ) ඒක කරලා දෙන්න පුළුවන් නේද කියලත් වැලියුවේශන් එක ලබාදෙන කෙනා / සම්බන්ධීකරණය කරන කෙනාගෙන් අසා දැනගන්න එක කෝකටත් හොඳයි
Vehiclebrokers.lk
0766437604