ලීසිං ගැන.
ලීස් එකක් ගන්නකොට හොදට හොයල බලලා..
ලීසිං පිලිබදව දැනුවත් වෙලා තමයි ගන්න ලීසිං එක ගන්න ඕනේ…
වාහනය ගන්න ඕනේ කියන එක ගැන විතරක් බලන්න එපා..
✔️මේ ගන්න ලීසිං එක ගෙවන්නෙ කොහොමද…
✔️මට කරදරයක් නැතුව ගෙවන්න පුලුවන් ද..
✔️ඒකට මගේ ආදායම ස්ථාවරද..
✔️වාරිකය ගෙවලා ජීවත් වෙන්නත් මට ඉතුරු මුදලක් තියනවද..
✔️අනතුරක් උනොත් අතින් හදලා ඉන්ශුවරන්ස් එකට පෙන්නන්න පුලුවන් මට්ටමක මම ඉන්නවද..
✔️මේ ලීසිං එකට පොලිය කීයක් ගෙවෙනව ද..
✔️ගෙවිල ඉවර වෙනකොට මම කීයක් ගෙවලද..
(වාරිකය ගෙවන කාලසීමාවෙන් වැඩි කරලා එන උත්තරය ගත්ත ලීසිං මුදලේ වටිනාකමින් අඩු කරන්න..)
✔️පොලිය ඉදිරියේදී වෙනස් වෙයිද..
✔️මුලදී එකගතාවයකට ආව වාරිකයමද අවසන් වෙනකම් මම ගෙවන්න ඕනේ..
✔️මෙච්චර ගානක් ගෙවලා ගන්න වාහනේ අවසානයේදී විකිනුම් මිල කීයක් විතර වෙයිද..
✔️පෙට්රල් වලට මට මාසෙකට කීයක් යයිද..
✔️Running Repairs මාසෙකට කීයක් විතර එයිද..
✔️මාස කිහිපයක් මගේ ආදායම අඩු උනොත් මට ලීසිං එක ගෙවන්න තියන දෙවන විකල්පය මොකක්ද ..
මේ වගේ දේවල්..
ලීසිං එක ගන්න කලින් හිතලා තියනවද..
මේවා බලන්නේ නැතුව ලීස් එක අරං හිරවෙලා , පස්සේ ලීසිං එක දුන්න ආයතන වලට බැනලා තේරුමක් නෑ..
✔️එකවර ගෙවා නිම කිරීමේදී පොලිය කීයක් අඩුවෙන්න පුලුවන් ද කියලා ඔබ නිකමට අහලා තියනවද..
ඒක සාපේක්ෂව 50 % ක් තමයි..
නමුත් වෙනසක් වෙන්න පුලුවන් ඉතාමත් අඩු අවස්තාවන් තියෙන්න පුලුවන් ..
වැඩේ අවුල් ගියාම එක එක්කෙනාට හෝ එක එක ආයතන වලට බැනලා තේරුමක් නෑ..
ඔබ ලීස් කරලා ගන්න වාහනේට පිලිවෙලට ගෙව්වත් නොගෙව්වත්,
✅ආදායම් බලපත්රය ගන්න රජයට ගෙවියයුතු මුදල ගෙවන්නත් ලීසිං ආයතනයෙන් අනුමත කල පොතේ කොපියක් ඕනේ බව ඔබ දන්නවාද ..
ඇයි ඒ..
මොකක්ද රජයටයි ලීසිං ආයතනවලටයි ඇති සම්භන්දය..
රජයට ගෙවන මුදල ගෙවන්නත් ලීසිං ආයතනය සහතික කල පොතේ කොපියක් ඕනෙ කියන්නේ..
තේරෙනවද ලීසිං වලදී ඔබේ අසරනකම ..
ඉන්ශුවරන්ස් එකත් එහෙමයි..
✅ඉන්ශුවරන්ස් එක ඔබට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුලුවන් ආයතන තියනවද..
ඉන්ශුවරන්ස් එක නැවත දාන්න කලින් කෝල් එකක් දීලා අහලා තියනවද ..
“ස” අපි මේක මේ කම්පැනියෙම දානවද වෙනස් කරනවද කියලා..
වෙනවා ඇති..
හැබැයි බහුතරයකට නෙමෙයි..
හුගක් වෙලාවට වාරිකය වෙනුවෙන් ගෙවන මුදලින් ඉන්ශුවරන්ස් එක කපා ගන්නවා..
ඉතුරු මුදලක් වෙතොත් ඉන්ශුවරන්ස් එකට කපාගෙන හිගවුන වාරිකයට අදාල හිග වාරික පොලිය හැටියට ඒකත් කපා ගන්නවා..
හුගක් ලීසිං Arrears වෙලා තියෙන්නේ පලමු වසරේ ඉන්ශුවරන්ස් එකෙන් පස්සේ..
ඇත්තටම ලීසිං ගන්න ඔබට සහනයක් නෑ..
නමුත්..
ඔබේ ආදායම් ස්ථාවර නම්..
ලීසිං එක ගෙවීම පිලිබදව පැහැදිලි දැක්මක් තියනවා නම්..
ලීසිං ගන්න බයවෙන්න එපා..
යථාර්ථය පිලිබදව දැනුවත් වෙලා ලීසිං ගත්තම හැමෝටම ලේසියි..
මේ හැම දෙයක් ම හරි විදිහට බලලා ලීසිං අරන්දෙන ආයතනයක් තමයි Vehiclebrokers.lk කියන්නේ..
විශේශයෙන් ම බැංකු ලීසිං සදහා..
සටහන ..
තුසිත් ජයනන්දන
Vehiclebrokers.lk වෙනුවෙන් ..
0766437604