Why You need to choose Vehiclebrokers.lk ( 2021 June 16 )

ඔබ Vehiclebrokers ආයතනය එක්කම ලීසිං යන්න ඕනේ ඇයි කියන එක මම අද පැහැදිලි කරන්නම්..

සමහර අය අහලත් තියනවා…

ලීසිං ගන්න ගියාම,
ඔබට හැකියාව තියනවාද ඒ පිලිබදව පැහැදිලිව දැනගන්න හෝ යම් විමසීමක් කරන්න..

නැත්නම් ,
ඔබ මුනගැහෙන නිලධාරියාට වෙලාව තියනවද ඔබට අදාල පැනයන්ට පිලිතුරු සපයන්න..

ඔබ එකගවෙන මුදල හෝ වාරිකය හරිම වාරිකය හෝ මුදල බව ඔබ දන්නේ කොහොමද..

ඔහු කියන්නේ ඇත්තම වෙන්න පුලුවන් ද ..

වෙනත් ආයතනයක ඊට වඩා හොද වාරික ගණනයක් තියෙන්න බැරිද..

මීට වඩා හොද පැකේජයන් තියනවාද කියා ඔබ කිසි දිනෙක අදාල නිලධාරීයාගෙන් විමසා තියනවද..

ඔබ ලීසිං කලින් ගත්ත කෙනෙක් නම් ඔබ යම් ප්‍රමානයක දැනුමක ඇති මේ ක්‍රියා පටිපාටිය සම්භන්දව…

ලීසිං එකක් කියන්නේ වගකීමෙන් පිරුන ණයක්…

හරි තීරනයකට ආවේ නැත්නම් හෝ ඒ ගැන නිසි දැනුමක් නැත්නම් කොතනක හෝ ගැටලුවක් පැන නැගුනොත් ඇතිවෙන මානසික ව්‍යාකූලත්වය වැඩියි…

මුහුනදෙන්න වන ප්‍රශ්නයත් බැරෑරුම්..

ඒ අතරම ආයතනයේ නිලධාරීන් මුදල් පිලිබද මතක් කරමින් නිතර දෙවේලේ දෙන ඇමතුම් වලින් ඔබේ ඉදිරි ගමන නැත්නම් මානසික ඒකාග්‍රතාවය අඩාලවෙන්නේ මොහොතකින්..

එතකොට පොලිය පිලිබදව මැසිවිලි නැගීමෙන් හෝ ආයතනයට බැන වැදීමෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියනවද කියලා ඔබම මොහොතකට හිතලා බලන්න..

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර තමයි අපි ඔබට සපයන්නේ..

ඔබට පුලුවන් ඕනෙම විස්තරයක් අපෙන් දැනගන්න..

විශේෂයෙන් මගෙන්..
0766437604 අංකයෙන් මාව සම්භන්ද කරගන්න පුලුවන් .

මම තුසිත් ජයනන්දන ..

VEHICLEBROKERS ආයතනයේ අපි ඔබව ලීසිං එකකට යොමුකරනු ලබන්නේ ඔබ පිලිබද පූර්ණ නිගමනයකට ආ පසුවයි..

“කොහොම හරි ” යම් කෙනෙක් ඔබට ලීසිං එක දෙන්න පුලුවන්…

ඒත් “කොහොමහරි ” කියන තැනට ඇවිත් VEHICLEBROKERS.lk ආයතනයේ අපි ඔබ වෙනුවෙන් ලීසිං එක කරන්නේ නෑ…

තව පැහැදිලි කලොත්….
ඔබගේ ආදායම හා සමාන වෙන වාරිකයක් තිබුනා උනත් ඒ වාහනයකට යම් මූල්‍ය ආයතනයකින් ලීසිං ලබාගන්න ඔබට පුලුවන් …

නමුත් අපි එහෙම දෙන්න උත්සාහ කරන්නේ නෑ..

මේ ඔබ නොදැනීම ඔබ අමාරුවේ වැටෙන තවත් මූලික සහ ප්‍රධාන අවස්තාවක්..

හොදට හිතන්න…

ආදායමයි,ගන්න වාහනයේ වාරිකයයි සමාන වෙන මොහොතක ඔබ ඉදිරිපත් කරන විකල්පය වාහනය Rent කරන එකනම්..

ඒ කියන්නේ යම් ආයතනයක් එම වාහනය වෙනුවෙන් ගෙවනවා කියන ගිවිසුමක් ඔබ සතු බව පෙන්වා වාහනය ලබාගන්නවා නම්…..

යම් අවස්තාවක අදාල ආයතනය එහෙම ගෙව්වේ නැති උනොත් මොකද වෙන්නේ…

යම් කාර්මික දෝශයක් හෝ අනතුරක් හේතුවෙන් වාහනය දුවන්න බැරි උනොත්….

සිදුවුන අනතුරක් වෙනුවෙන් ඉන්ශුවරන්ස් නොගෙව්වොත්….

ඔබ පත්වෙන තත්වය පැහැදිලිද..

මේවා තමයි ඔබ නොහිතන පැති..
හයර් එකක් තියනවා කියලා වාහන ගත්ත බොහොමයක් අය ගෙන් හුගක් අය …..

වාරිකයට අමතරව ඉන්ශුවරන්ස් එක ආවාම හිරවෙලා…

අපි ඇයි එහෙම වෙන්නේ..

නිදහසේ ඉන්න තියන කාලය ප්‍රශ්න වලින් පුරවගන්නේ ඇයි..

අපි VEHICLEBROKERS වැඩ කරන්නෙත් ආයතන කිහිපයක් එක්ක විතරයි..

ගිය මාසේ අපි වැඩකල එක ආයතනයක් එක්ක වැඩකරන එක අපි නැවැත්තුවා..

අපි එහෙම තීරනවල ඉන්නවා..
අපිත් ආයතනයක්..

අපි එහෙම කලේ ඒ අයගේ සේවාවේ යම් අඩු ලුහුඩු කමක් නිසා…

“පාරිභෝගිකයන් රජුන් ” යැයි පුහුනු වැඩසටහන් වලදී පැවසුවත්… ඇත්තටම එහෙම සලකන්නේ හිතන්නේ බොහෝ නිලධාරීන් ගෙන් අතලොස්සක්…

ඔබත් ආයතනයකට යන්නේ බයෙන් හා චකිතයෙන්…
ඒ ඔබේ මුල් අවස්තාව නම්..
එතකොට එතන ඉන්න කෙනා ඔබව සිනහවෙන් පිලිගත්තද..

නැත්නම් ඔහුත් බයෙන් වගේ ඔබ දිහා බැලුවද යන්න දන්නේ ඔබම පමනයි..

VEHICLEBROKERS අපි…

ඔබ වෙනුවෙන් සෑම ලීසිං සේවාවක්ම නියතවශයෙන් ම ලබා දෙනවා..

ලීසිං එකක් ගන්න හිතන ඔබව..
ඔබගේ අවශ්‍යතාවය මත අප විසින් මුලින්ම යොමු කරන්නේ බැංකුවකටයි…

බැංකුව හරහා අපිට ඔබේ සේවාව සලසන්න ලැබුනොත් 9.75% පොලියට අපි ඔබට වාරික ගනනය කරලා දෙනවා..
( වසර 05 කට ලක්ශයකට 2095 /)

නැතිනම් 10.5 % පොලියට අපි ඔබගේ අවශ්‍යතාවය තව බැංකුවක් වෙත යොමුකරනවා ඔබට අවශ්‍ය මුදලම ලබාගන්න..

ඒකත් සමහරවිට තක්සේරු වාර්ථාවෙන් 70% ඉක්මවන ප්‍රමානයක් නම් පමනයි ..
( ලක්ශයකට රුපියල් 2155 / )

ඒත් ඔබගේ අවශ්‍යතාවය ට අවශ්‍ය මුදල ගනනය නොවන්නේනම් පමනක් තමයි අපි මූල්‍ය ආයතන වෙත යොමුවෙන්නේ..

එතකොට ඉතිං 13% හෝ 17 % වගේ වෙන්නත් පුලුවන් පොලිය..

හැබැයි එතකොට මූලික ගෙවීම හුගක් අඩු ප්‍රතිශතයක් …

ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ..
අතේ තියන ඉතුරු මුදල් ඔබේ ව්‍යාපාරයතුල යොදවා එයින් එන ලාභාංශ වලින් වාරිකය ගෙවන්නත් ක්‍රමයක් සොයාගන්න පුලුවන් නේද..

ඒ කොහොම උනත් ඔබව අනවශ්‍ය කරදරවල පටලවන්නේ නැතුව අපේ ශක්තිප්‍රමානයෙන් ඔබට හොද සේවාවක් සැලසීම තමයි අපේ පැතුම..

ස්තූතියි ..

සටහන …
VEHICLEBROKERS වෙනුවෙන් ..

තුසිත් ජයනන්දන ..
0766 437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top