Re Finance .( 2021 June 21st )

ReFinance එකක් කොහොමත් ඔබට සුභ විදිහට බලපාන්නේ නෑ..
ඒක මුලින්ම කියන්න ඕනේ..

ඒක හරියට ගඟක බාගයක් පීනලා ඉන්න කෙනෙක්ව නැවත ඉවුරට ගෙනත් ආයෙමත් ඒ දුරම පීනන්න කියනවා වගේ දෙයක්..

තේරුමක් ඇත්තෙම නෑ..

ReFinance කරන්න හේතු කිහිපයක් බලපානවා..

එන වාරිකය ටිකක් වැඩී වගේ උනාම, වාරිකය ටිකක් අඩු කරගන්න ඕනෙ නිසා අපි කියනවා කාලය වැඩිවුනාට කමක් නෑ වාරිකය අඩුවෙනවනේ,
ඒ නිසා ReFinance එකක් කරමු කියලා ..

අනික යම් මුදල් අවශ්‍යතාවයක් ආවාමත් අපි ඒකම කරනවා,

නැත්නම් වාරික එහෙන් මෙහෙන් හිඟවෙලා , හිරවෙලා පැටලිලා ඉන්න වෙලාවක
ඒ තරම් සහනයක් තවත් නෑ කියලා හිතාගෙන ReFinance කරනවා..

කොහොම කරත් ReFinance එක කියන්නේ ඇඳගෙන ඉන්න සරම පොඩ්ඩක් බුරුල් කරලා ආයෙමත් ඇඳගත්තා වගේ එකක් ම තමයි..

හොදට බලන්න,
ReFinance එකකදී ගෙව්ව ගාන කොහොම උනත් ගත්ත මුදල හුගක් වෙලාවට ඒ ගානම වගේ තියනවා ඔබ වාරික 36 ක් ගෙවලා නැත්නම්..

ලක්ශ 10 ක් නම් ඔබ ලබාගත් මුදල,
ඔබ වාරික 36 කට අඩුවෙන් ගෙවලා නම් ලක්ශ 2/ ක් හෝ 2/50 ක් තමයි අඩු වෙන්නේ මුලු මුදලින්..
හැබැයි වාරික ලෙස ඔබ සෑහෙන මුදලක් ගෙවලා වෙන්න පුලුවන් මේ වෙනකොට..

එතකොට සහනය මොකක්ද ..

සහනය තමයි ගෙවන්න තියන අලුත් වාරිකය පරන වාරිකය එක්ක සම කරනකොට රුපියල් 5000/ ක් විතර අඩුවෙලා..

සහනය ඒක නම් අසහනය මොකක්ද ..
අසහනය වෙන්නේ නැවත වාරික 60 ක් ගෙව්ව වාරිකයට වඩා රුපියල් 5000 / ක් පමන අඩුවෙන් ගෙවන්න වෙන එකයි..
( ලක්ශ 10/ ක් තමයි උදාහරනය..)

ලීස් එකක් ගත්තොත් ඒක ගෙවන්නම ඕනේ අඩුම වසර 03 ක්..
ඒ කියන්නේ වාරික 36 ක්..

ඊට පස්සේ ඉතිරි වාරික 24 ගැන බයක් හිතෙන්නේ නෑ වගේම හොද Settlement එකකුත් ආයතන දෙනවා..

ඒ වගේම ඔබ හිතනවා නම් දැනට තියන ආයතනයේ පොලිය වැඩි නිසා වෙන ආයතනයකට යන්න..

ඒ සෙට්ල්මන්ට් එක අහන්න කලින් ප්‍රෙශර් වලට බෙහෙත් බොනවා නම් බොන්න,
නැත්නම් වෙන මොනවා හරි බීලා අහන්න..

එයාලා කියයි..
සර්..
මුදලින් ගෙවලා ඉවර කරනවා නම් ලක්ශ 10/ යි,
වෙන ආයතනයකින් ලීස් එක යනවා නම් ලක්ශ 11/ ක් 12/ ක් වගේ ..
හැබැයි අපෙන්ම ලීස් එක යනවා නම් ලක්ශ 8/ කට හදලා දෙන්නම් ..

දැං මොකද කරන්නේ..
මොකුත් කරන්න එපා,
පුලුවන් විදිහට ගත්ත ලීස් එක ගෙවන්න බලන්න..

ඔබ ගත්ත ගානට වැඩිය සෙට්ල්මන්ට් එක එනවා නම් ඔබ අඩු පොලියකට වෙන තැනකට ගියාට වැඩක් නෑ..
ලැබෙන්න ඕනෙ පොලී සහනය ඔබ සෙට්ල්මන්ට් එකේදි අදාල ආයතනයට ගෙවලයි එන්නේ..
එතකොට තේරුමක්ම නෑ..

ඒකයි අපි හැම විටම බැංකු ලීසිං එකක්ම ඔබට යෝජනා කරන්නේ..
ගන්න ලීසිං එක හරියටම ගත්තම ප්‍රශ්න අඩුයි..

Vehiclebrokers.lk අපිට පුලුවන් ඔබට ගැලපෙන ලෙස ලීස් එක ලේසියෙන් බැංකුවකින් හරියටම අරන්දෙන්න..

ස්තූතියි ..
සටහන ..
Thusith Jayanandana
Vehiclebrokers.lk වෙනුවෙන් ..

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top