Published by 2021 July 04th

ලීසිං කරලා වාහනයක් ගන්න නම් Valuation එකක් ඕනෙ බව ඔබ දන්න කාරණයක්..

එතකොට ඒ වැලියුවේශන් එකට අයකරන මුදල යම් යම් ආයතන මත වෙනස් වෙන බව ඔබ දන්නවද..😊

ආයතනයේ තත්වය , පිලිගැනීම , කීර්ති නාමය, පලපුරුද්ද ,වගකීම වගේ දේවල් මත මිල ගනන් වෙනස්වෙන්න පුලුවන් ..
ඒ වගේම වාහනය පරීක්ශාවකට බැහැරට යන්න උනොත් ඒ සඳහා යම් මුදලක් ආයතනය අයකරන බවත් දැනගන්න ඕනේ..

සමහරවිට ඔබ ඉල්ලන්නේ නොවටිනා මුදලක් නම් ඒ සඳහා එවෙලේ ගාන කපන ආයතන කොහොම උනත් සම්භන්දීකරනය කරන කෙනා ඒක කරයි ගානට..😂

මෙන්න මේ වගේ Over Valuation දෙන ආයතන බොහොමයක් ම ආයතන වල සහ බැංකු වල අසාදු ගත ලේඛනයේ ප්‍රමුඛ පෙලේ ඉන්නා ආයතන..😂

ඒ නිසා ඔබ වැලියුවේශන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් අහන්න ඔබේ Valuation ආයතනය බැංකු විසින් පිලිගන්නා ආයතනයක් ද කියලා..
ඒකෙන් පුලුවන් යම් දැනුවත්වීමක් වෙන්න ආයතනය පිලිබදව ..👍

ඒ වගේම අදාල තක්සේරු වාර්තාව වෙනුවෙන් ගෙවන මුදලට රිසිට් පතක් ඉල්ලන්නත් ඔබට අයිතිය තියනවා..

ඒ වගේම ඔබේ ලීසිං එක අදාල ලීසිං ආයතනයෙන් රිජෙක්ට් උනොත් නැවත එම තක්සේරු මුදලම තව මූල්‍ය ආයතනයක නමට මාරුකරන්න පුලුවන් ද කියලා මුලින් ම Valuation ආයතනයෙන් අහන්න..
( පොඩි මුදලකට නම මාරුකරනවා..)

ඒක ඔබට ලීසිං එක නැවත වෙන ආයතනයක් වෙතින් අයදුම් කිරීමේදී පහසුවක් වේවි..

කාලෙකට කලින් වැලියුවේශන් වලට 15000/ ක් ගෙව්වා සමහර වැගන් ආර් වලට වැලියුවේශන් ගන්න..

Valuation වලට අය කරන මිල සඳහන් පෝස්ට් ඇති අපේ පේජ් එකේ..
පොඩ්ඩක් බලන්න..♥️

වැලියුවේශන් ගැන තවත් පොඩි විස්තරයක් සඳහන් කරන්නම්..

Internal Valuation එකක් කියන්නේ මොකක්ද ..

මේක බලන්නේ ලීසිං එකට අදාල ආයතනයේ නිලධාරින් ..
ඒ සඳහා ඔබ වාහනයේ පොතේ කොපියක් ,වාහනයේ Chassis අංකයේ පැහැදිලි පින්තූරයක් ඇතුලුව තව පින්තූර කිහිපයක් ලබාදියයුතු වෙනවා..

ඒ මත කියනවා ලීස් එක දෙන්න පුලුවන් ගාන,
සමහර ආයතන නොමිලේ වැලියුවේශන් දෙනවා කියලා සමහර අය දාන Ad මම දැකලා තියනවා 😎

හැබැයි ඒක නොමිලේ වගේ පෙනුනට, ලීස් එක යනකොට චාජර්ස් වලට ඒක එකතුවෙලා ..
ක්‍රිබ් බැලුවට ගානකුත් එකතුවෙලා ..
නමුත් චාජර්ස් මෙච්චරයි කියලා ඔබ ගෙවලා..😊
අවුලක් නෑ..
ලීස් එක පාස් නේ..

ඒක නෙමෙයි ප්‍රශ්නේ..
වැලියුවේශන් එකට මුදල් ගෙවන්න ඕනෙ බව ඔබ දැනුවත්නේ දැන්..

ඒත් ඒ ඔබ ගෙවන වැලියුවේශන් එකේ කොපියක් ඔබට ලැබෙනවද..

මාරයි..
ඔබ ගන්න හදන වාහනයේ තක්සේරු වාර්තාව ඔබ නොදකින එකක්ද එතකොට..😂

නෑ..
ඔබට ඒක අවශ්‍ය නෑ..
ඔබට ඕනේ ලීසිං එක..
ඇත්ත ඒක ..
ඒ නිසා අවුලකුත් නෑ..

ලීසිං එක ගැස්සුනත් වාහනේට ගෙව්ව ඇඩ්වාන්ස් එක නැතිවෙන එකත් එක්ක බලද්දී වැලියුවේශන් එකට ගෙව්ව මුදල මොකක්ද නේද..

ඒත් වැලියුවේශන් එකට මුදලක් ගෙවනවා වගේම ඒ වැලියුවේශන් එකේ කොපි එකක් ඉල්ලලා ගෙව්ව මුදලට සාධාරනයක් කරන්න ඔබට පුලුවන් ..

වාහනයේ නියමිත වටිනාකමට වැලියුවේශන් එක යනවා නම් කවුරුත් බය නෑ වැලියුවේශන් කොපි එක දෙන්න..

ඒත් ඉහල වටිනාකමින් යුත් වැලියුවේශන් එකක් නම් කොහොමත් Valuation ආයතනය ඔබට එය ලබාදෙන්නේ නෑ..

ඔබ ඉල්ලුවත් එය ඔබට ලැබෙන්නේ මූල්‍ය ආයතනය වෙනුවෙන් ලබා දුන්න වටිනාකම නෙමෙයි..

දන්නවද..
බොරු වැලියුවේශන් මුදල අහුවෙන එක හෝ එලිවෙන එක භයානක දෙයක්..
ඒ මත ඔබට දිනෙක නීතිය ඉදිරියට යන්නත් පුලුවන් ..😎
( විස්තර නොකරමි,නොකරමි..)

බැංකු වෙතින් මගෙන් ලීසිං ගත් සියලුම දෙනාට අවශ්‍ය කොපිය ලබාදී තියෙනවා මුදල් ගෙවූ සැනින්..
සමහරවිට මුදල් ගෙවන්නත් කලින්..

නමුත් Vehiclebrokers.lk අපි මූල්‍ය ආයතනයන් වෙතින් යන ලීසිං වල වැලියුවේශන් සදහා මැදිහත්වීමක් නෑ..

හේතුව මූල්‍ය ආයතනයකට කෙනෙක් යොමුවෙන්නේ ( හැමෝම කියලා කියන්නේ නෑ..) ටිකක් වැඩි මුදලක් ගන්න,..
70% එහා ගානක් ඔබ නොයිල්ලුවත් ලැබෙනවා,
එතකොට ඒකට අදාල ලෙස Valuation ලබාදෙන්න කටයුතු කරන්න අපිට හැකියාවක් නෑ..

අනික ඔබේ හිතේ පැහැදිලි විස්වාසයක් එනවා කොහොම හරි මේක කෙරෙයි කියලා…

ඇයි ඒ විස්වාසය..
මොනවා හරි කරලා කොහොම හරි ඒ ලීසිං එක ලැබෙන බව ඔබ දන්නේ කොහොමද…
කොහොමද…
කොහොමද…😂😂

මූල්‍ය ආයතනය ඔබ වෙත පහසුවෙන් මුදල් ලබාදෙනවා වගේම පහසුවෙන් අය කරගන්න ක්‍රමවේදයත් ඔවුන් සතුයි..

ඔන්න ඔය පහසුවෙන් මුදල් ලබාගත් යම් කොටසක් මේ දවස්වල දෙස් දෙවොල් තියන විදිහ දකින්න පුලුවන් පොඩි විමසාබැලීමක් කලොත්

ඉන්ශුවරන්ස් වල මුදල් වාරිකයට එකතුවෙලා ..
වාරිකය ඇරියස් වෙලා ඉන්ශුවරන්ස් එක Cover වෙලා..
Covid සහන අවුල් වෙලා..
සහනයට 11 % පොලියක් එකතුවෙලා..
ගැටලු ගොඩයි,ගොඩයි,ගොඩයි..

ලීසිං එක කොහොම ගත්තත් ගෙවන්න ක්‍රමවේදය පැහැදිලි වෙන්න ඕනේ,
එහෙම නැතුව ලබාගන්න ලීසිං එක සෑහෙන්න අවධානම් සහිත එකක්..

ඒකට Marginal Leasing කියලත් කියනවා..
පෙන්වන ආදායම් මාර්ගය ස්ථාවර නැතුව අවශ්‍යතාවය හා ගෙවන්න පුලුවන් හැකියාව ඇති බව හිතාගෙන ඒ මත ගන්න ලීසිං ..
කඩා වැටුනොත් “අපි තමයි සැලසුම් සහගතව හොඳටම කලේ..” කියලා හිත හදාගන්න පුලුවන් එකෙන්ම..

දෙකෙන්ම ණය අයකරගැනීමේ නඩුවත් ශුවර්..

ගලපලා ලීසිං ගන්නේ නැතුව ගැලපෙන ලීසිං එක ගන්නවා නම් කාටවත් ප්‍රශ්න නෑ..♥️

එක මහත්මයෙක් තංගල්ලේ ඉදලා මම කොලබට ගෙන්නුවා බැංකුවට අවශ්‍ය වැලියුවේශන් එක කරන්න..

ඒ මහත්මයා සමහරවිට මේ පෝස්ට් එක බලයි..

කොහොම උනත් ලීසිං වලදී කල්පනාවෙන් ගතයුතු තවත් තීරණයක් තමයි මේ..

@Vehiclebrokers.lk වෙනුවෙන් සටහන..
Thusith Jayanandana
0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top