Settlement ( Published by 2021 july 06 th)

Settlement …🧿
මේ ගැන පැහැදිලි කරන්න මම ගන්න පොඩි උත්සාහයක් මේ..♥️

♥️කොහොමත් @Vehiclebrokers.lk මට ලීසිං වලට එහා දෙයක් නෑ ලියන්නයි කතාකරන්නයි..

හරි..
මගේ ලීසිං වල එක් ක්‍රමයක් තමයි ලක්ශයකට 2143 / ට ලීසිං ලබාදෙන එක..♥️

මේක ඔබට ලාබද පාඩුද..
අපි බලමු..😎

🔖 ලක්ශ 10 කට වාරිකය 21430 / ක් වෙනවා එතකොට වසර 05 ක් සඳහා ..
මේක තමයි උදාහරනය.

🧿 2143 / ක්..මේ තමයි මගේ වැඩිම වාරිකය වාහනයේ Valuation එකෙන් 70% ක් ගන්නවා නම්..
(කාර්,වෑන්,ජීප් සඳහා..)

🔖පලමු වාරිකය මුලින් ගෙවන නිසා ඉදිරි වාරික 59 ට 21430 / ගනනේ බැලුවොත් 1264370/ ක් තමයි ගෙවෙන්න තියන මුලු මුදල ලබාගත් ලක්ශ 10 / වෙනුවෙන්..

🔖 දැන් වාරික 59 ට පොලිය කීයද ..
264370 / ක්..
මේක බෙදුවොත් වාරික 59 න් මාසෙකට පොලිය ලෙස ගෙවෙනවා 4480 / ක්..

🔖 මුදල ලෙස මාසෙකට 16949 /ක් ගෙවෙනවා..

පැහැදිලියි නේද..

🔖 අපි හිතමු මාස 10 ගෙව්ව කෙනෙක් Settlement එක ඉල්ලනවා කියලා..
එතකොට මාස 10 ට 214300/ ක් ගෙවිලා.
(21430/ වාරික 10 ක්..)

🔖21430 / තව විග්‍රහ කලොත් ඒකෙන් පොලිය ලෙස 44800/ ක් සහ මුදල ලෙස 169490 / ක්..

හරිනේ..

♥️ඔන්න අපි වාරික 10 ක් ගෙව්වා කියලා හිතලා ඉදිරියට යනවා Settlement එක ගන්න..

දැං තව කොච්චර ගෙවන්න තියනවාද.
තව වාරික 49 ක් තියනවා ගෙවන්න..

👉 4480 / ඒවා 49 ක් සහ 16949 ඒවා 49 ක්..( මුදල සහ පොලිය ලෙස වෙන් කලොත්..)

මම මෙහෙම ගත්තේ තේරුම් කරන්න ලේසි වෙන්න..

🔖 පොලිය විතරක් ඉදිරියට වාරික 49 ට 219520/
මුදල විතරක් ඉදිරියට වාරික 49 ට 830501/
එකතුව 1050000/

අනිත් විදිහට වාරික 49 බලමු.. 21430 / බැගින් 49 ක්..
ඒත්
1050000 / හරිනේ..

දැං ඉල්ලමු Settlement එක ..♥️

දැං මාස 10 කට පස්සේ Settlement එක ඉල්ලුවොත් ගෙවන්න එන ගාන කීයද එතකොට
10/50 ක් තමයි..

ඒ ..😂
මේ මොකද,
මාස 10 ක් ගෙවලත් අඩු වෙලා නෑනේ..😎

ඉන්න ඉන්න..😊😊

මගේ ලීසිං System එකනේ මේක..
පොඩ්ඩක් ඉන්නකෝ..😊

ඔන්න Settlement එකට එනවා ,
අපි අඩුකරනවා ඉදිරි පොලියෙන් 50% ක්..

ඈ…
කවුද එහෙම කරන්නේ..😂
ඇයි Ad දකින්නේ නැද්ද එකවර ගෙවීමකදී පොලිය 100% ඉවතට කියලා..😂😂
හැබැයි පොඩියට තියනවා කොන්දේසි සහිතයි කියලත්..😂

( ඉතිරි ටික කල්පනාවෙන් කියවන්න.)

දැන් පොලිය කීයද ඉදිරි වාරික 49 ට.
219520/ ක් ..
50% ක් අඩුකරනවා Early Settlement එකකදී..
219520 /බෙදනවා 2 ට 109760 / යි උත්තරය ..♥️
දැන් ඒක එකතු කරමු ඉදිරි මුලු මුදලට

මුදල 830501 / ට පොලිය 109760 / එකතු උනාම 940261/ ක්..

Settlement එක 940261/ යි..♥️♥️

මාස 10 ක් ගෙවලා Settlement එක.
පාඩුද..

Arrears නැතුව ගෙවලා නම්,
Structure Plans නැතුව ගත්ත ලීස් එකක් නම් ..
මේක 99% ක් ම හරි..
ඒ නැතත් කොහොමත් ඔබට සාධාරණ පොලී සහනයක් ලැබෙනවා..
විස්වාසයෙන් වගකීමෙන් මම ඒක කියනවා..♥️

එතකොට කොහොමද මෙහෙම Settlement ගන්නේ..😎
කවුද දෙන්නේ..😎
කොච්චර ගෙව්වත් ගත්ත මුදලට වඩා හැම වෙලාවෙම Settlement එක වැඩියි නේ..😎
ගෙව්ව ගාන අඩුවෙලාම නෑනේ..😎
අපි ගෙවලම නැද්ද. 😎

ඒවා ඔබ ඔබගේ ලීසිං ලබාදුන් අයගෙන් අහන්න ඕනේ..😊

දැනට ඔබ ලීසිං ලබාගත් කෙනෙක් නම් මේ විදිහට හදලා බලන්න ..

👉ගෙවන වාරිකය ගිවිසගත් වාරික ගණනින් වැඩි කරලා ලබාගත් ලීසිං මුදලින් අඩු කරලා ගෙවෙන පොලිය අරන් මේ විදිහට හදලා බලන්න..

Film එකක් ආවා මතකයි No Address කියලා..😂

ඒකත් මට බලන්න බැරිවුනානේ ..😎

මේ පෝස්ට් එක බලලා එක්කෝ සතුටුවෙන්න පුලුවන් ..
නැත්නම්..
එක්කෝ . .ඒක ඕනෙ නෑ..😊

සටහන
Thusith Jayanandana
@Vehiclebrokers.lk
0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top