Legal

ලීසිං ගෙවාගන්න බැරි උනොත්..?
ඔව්…
ඔබට ලීසිං වාරික ගෙවාගන්න බැරුව හිරවුනොත් ඔබ මොකද කරන්නේ…
මේක සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් ප්‍රවනතාව වැඩියි…
ඔබ අසනීප උනොත්..
රැකියාව අහිමි උනොත්..
වාහනේ කැඩුනොත්..
වෙන යම් පෞද්ගලික මානසික බිදවැටීමක් වෙලා ඒ වගේ තත්වයක් උද්ගත උනොත්….?

ඔබ මොකද කරන්නේ…

ලීසිං වාරිකයට මුල් තැන දෙනවද..
ලීසිං ප්‍රශ්නේ ඕනෙ දෙයක් උනාවේ කියලා ජීවිතේ ගෙනියන්න බලනවාද…

අමතක කරන්න එපා..

මෙතනදී අනෙක් ප්‍රශ්න සේරමත් හරි ලීසිං ප්‍රශ්නෙත් හරි…
දෙකම සමාන වෙනවා…

ඒක විසදුවොත් මේක ප්‍රශ්නයක්..
මේක විසදුවොත් ඒක ප්‍රශ්නයක්…

ඇත්තටම මෙහෙම උනාම හුගක් අසරන වෙනවා..
එක එක්කෙනා එක එක කතා කියනවා…
හිතාගන්න බැරුව යනවා කරන්න ඕනේ දේ…
ඇත්තටම ඔබ කරන්න ඕනේ ඉස්සෙල්ලම ලීසිං කම්පැනිය එක්ක කතා කරන එක,
ගැටුමකට යන්න එපා කීයටවත්…ගැටුමකට ගියාට කමක් නෑ ඔබට හොද බාහිර මූල්‍ය හයියක් තියනවානම්..
ඉස්සෙල්ලා ම බලන්න හිරවුන වාහනේ ඒ කම්පැනියෙන් අයින් කරලා වෙන කම්පැනියකට දාන්න..
හැබැයි ඒ තීරනයට ඔබ එන්න ඕනේ ඔබේ නම Crib එකේ දවස් 60 ක් යන්න කලින් වියයුතුයි..
නැත්නම් වාහනේ ගාන අඩු කරගන්න කතාකරලා Reschedule කරගන්නත් පුලුවන් …
එහෙමත් නැත්නම් වාහනේ ආයතනයට භාරදෙන එක තමයි හොදම තීරනේ…
වාහනේ හංගන්න පුලුවන් ඔබට,
හැබැයි ආයතනයට පුලුවන් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් අපරාධ නඩුවක් ඔබට විරුද්ධ ව ගොනුකරන්න නය අයකරගැනීමේ නඩුවකට අමතරව…..(ඔවුනට අයත් වාහනේ ඔබ කෑලි වලට විකුනලා/ අස්ථානගත කරලා කියන චෝදනා මත..එතකොට ඔබව එවෙලේ සිරගත කරන්නත් අධිකරනයට පුලුවන්…( සිවිල් හෝ අපරාධ යන දෙකම උනත් ඔවුන් දමාවි වාහනය හැංගුවොත්….)
කොහොම උනත් නඩු පටලවාගත්තොත් ඔබට එපාවේවි..
ඒත් ඔවුන් ට ඔබ භාරදුන් වාහනේ ඔවුන් විකුනා ඉතිරි මුදලට ඔවුන් නඩු දැම්මොත් ඒ ප්‍රශ්නේ විසදන්න හොද නීතීවේදියෙකුට ලේසියෙන් පුලුවන් වේවි….
අමතක නොකර ඔබේ වාහනය බාරදෙන්න පෙර පිලිගත් ආයතනයකින් Valuation එකක් ගන්න…ඔවුන් වාහනය අත්පත් කරගත්තොත් ඊට පසු දිනම යාඩ් එකට යන්න අවසර අරන් තක්සේරු වාර්තාව ලබාගන්න..
නීතිමය තත්වය තුල මෙය ඔබට වාසි සහගත වේවි…
වැඩි විස්තර දැනගන්න උවමනාවක් උනොත් මට කතාකරන්න ….
………
තුසිත් ජයනන්දන ..
VehicleBrokers.lk පේජ් එක වෙනුවෙන් ..

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top