Lease එක මාරුකරන එක හොඳද නරකද ?

⭕ තියන ලීස් එකක් ගලවන එක හොඳද නරකද ?

මම කියන්නේ ගත්ත ගාන එක්ක ඉවරකරද්දී එයාලා ඉල්ලන ගාන බලන්න ඕනේ ඉස්සෙල්ලා.

මෙහෙම බලමු.
ගත්තේ ලක්ශ 10/
වාරිකය මාසෙකට 2500/ වසර 05 ට.
එතකොට 25000 X 60 = 1500000/

ඉන්ශුවරන්ස් එකත් වෙලාවට දාලා වාරිකයත් වෙලාවට ගෙව්වොත් සහ ආයතනය යම් ඔබත් නොදන්නා හේතුවකට 🥺 වාරික වැඩිකිරීමක් නොකලොත් ගෙවන්න ඕනේ සහ ගෙවෙන්නේ ඔය ලක්ශ 15/ විතරයි.

එතකොට පොලිය ලක්ශ 05 යි.
මුදල ලක්ශ 10 / යි.

ඔන්න අපි ගත්තේ ලක්ශ 10 / ක්,
ගෙව්වා වාරික 15 ක් ,
දැං අපිට සෙට්ල්මන්ට් එක දෙන්න කියනවා.
එතකොට ගෙව්වේ වාරික 15 X 25000 = 375000 / ක් .
මෙතන මුදලයි පොලියයි දෙකම තියෙන්නේ.

මං සරල උදාහරණයක් ගන්නම්.
මේක නිවැරදි නෑ.
උදාහරණයක් විතරයි.
පැහැදිලි කරන්නයි ගන්නේ.

හරි.
ලක්ශ 10/ බෙදන්න 60 න් වාරික 60 ක් ගෙවන නිසා.
උත්තරේ 16667/

එතකොට පොලිය ලෙස එන ලක්ශ 05 බෙදන්න 60 න්.
උත්තරේ 8333/

එතකොට 16667 / ඒවා 15 ක් ගෙවනවා.
උත්තරේ 250000/

පොලිය 8333/ ඒවා 15 ක් කියන්නේ 124995 / ක්.

දැං අපි පොලිය අමතක කරලා මුලු මුදලින් ගෙව්ව ගාන අඩු කලොත් 750000/ ක් ඉතුරුයි.

දැං අර ලක්ශ 05 පොලියෙන් අඩු කරමු ගෙවුන පොලිය 124995/

එතකොට ගෙවන්න තියනවා වාරික 15 ක් ගෙවලත් පොලිය 375000/ ක්.

දැං ඒ දෙක එකතු කරමු.
750000 + 375000 = 1125000/ ක් ඒත් ගෙවන්න තියනවා.

මේක උදාහරණයක් විතරයි.
එයාලගේ කැල්ක්‍යුලේශන් වලට මේක 12/50 වගේ වෙයි 🤣

එතකොට කෝ අර එකවර ගෙවා අවසන් කරනකොට ලබෙන 50%, 80%, 100% 😛

ඒවා ලැබෙනවා ඇති.
හැබැයි ඉතිං එතකොට ගෙවන්න තියන ගාන අඩුවෙන්න ඕනෙනේ.

එහෙම වෙන්නේ නෑ ඒ ගණනය කිරීම් වලට.
ඒවා සිස්ටම් කැල්ක්‍යුලේශන්ස් 🥺

එතකොට ඔබ අහයි ගෙවලම නැද්ද කියලා 🥺

තේරෙනවා නේද ගෙවලා තියන විදිහ.

දැං සෙට්ල්මන්ට් එක ඉල්ලනකොට තව ගානක් / දේවල් එකතුකරනවා.
එතන සමහර දේවල් මම දන්නවා. ඒත් ලියන එක සදාචාරාත්මක නෑ.

එතකොට හිතන්න.
ලක්ශ 10/ කට මුදලයි පොලියයි ගෙවාගෙන මාස 15 ක් ඇවිත් ආයෙත් සෙට්ල්මන්ට් එකක් අරන් ලීස් කැපිටල් එක හැටියට ගෙවන්න ගන්නේ ගෙවලත් ගත්ත ලක්ශ 10 / ට වැඩි මුදලක්.

පොලියත් එක්ක වාරික මාස්පතා ගෙවලා, නැවත ගත්ත මුදලට පොලියක් එකතුවෙලා, ගත්ත ගානට වැඩි මුදලකට නැවත ඔබ ලීස් එකකට යන්න හදනවා.

එතකොට පොලියකට තවත් පොලියක් ගෙවෙනවා අලුතින් ගන්නකොට.

තව විදිහකට කිව්වොත් මූලික මුදල ලක්ශ 10/ ය 12/ ක් වෙන්නේ සෙට්ල්මන්ට් එකේ පොලියත් එක්ක.

ඔබ නැවත ලීස් එක යන්න හදන්නේ ලක්ශ 12/ කට.

ඔබ හිතනවද ඔබට ලාභයක් උනා කියලා.

ගත්ත ලීස් එක ගලවන්න, වෙන තැනක දාන්න යන්න එපා විශේෂ හේතුවක් නැත්නම්.
එකම විශේෂ හේතුව ඔබගේ වාරික ගෙවීම්වල ප්‍රශ්න තමයි.

සාධාරණ සෙට්ල්මන්ට් එකක් ගැන මේ වසර 06 ටම මට එක අත්දැකීමක් තියනවා.

Civic එකකට මං ලීස් එක දුන්නේ ලක්ශ 33/ ක්.
මාස 08 ක් ගෙවලා සෙට්ල්මන්ට් එක ආවා 31/80 ක්.
ඒ බැංකුවකින් මම ලබාදුන් ලීස් එකක් ♥️

ඊට පස්සේ බැංකු දුන්නෙත් නෑ .
ඒ ඔවුන් වෙත ලැබුනු ” මාස 24 ක් යනකම් ගෙවා ඇත්නම් ” යන යම් නියෝගයක් නිසා කියලයි ආරංචි.

මේක උදාහරණයක්ම විතරයි.

මට කාගෙන්වත් පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ.😛
( නැත්නම් ලියයි දැනුම මිනුම තරගෙකට ගියා වගේ 🤣 )
ඒ වෙනුවට ඔබ ආයතනයට සෙට්ල්මන්ට් ඉල්ලගෙන එන අයට තව රුපියලක් හරි අඩුකරලා සහනයක් ලබාදීලා එයාලගේ හිත සතුටින් තියන්න බලන්න.

ස්තූතියි .

✍️ තුසිත් ජයනන්දන.

Vehiclebrokers.lk
0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top