⭕ තියන ලීස් එකක් ගලවනකොට.
එහෙම නැත්නම් තියන ලීස් එකට සෙට්ල්මන්ට් එකක් අරන් වෙන තැනකට යන්න හිතනකොට හරිම තීරණයක් ගන්න.
තියන ලීස් එක වැඩි කරන්නවත්, අවසන් වෙන්න තියන ඩ්‍රාෆ්ට් එක ලීස් එකක් කරන්නවත් මුලින් අකමැතිවෙන ආයතන පසුව 100% ක් ඒකට කැමති වෙනවා.
හේතුව අලුතින් බිස්නස් එකක් ගේනවට වඩා ලේසියි තියන එක අලුත් කරන එක.
මම කිසිම වෙලාවක කියන්නේ නෑ ආයතනයක ගෙවාගෙන යන ලීස් එකක් ගලවන්න කියලා. ඒක කස්ටමර්ට පාඩුයි.
හුඟක් අයට මං කියලා ඇති ඒක.
එයාලා ලඟ තියන ෆැසිලිටි එක එයාලාගෙන්ම නැවත යන එක තමයි හැම අතින්ම හොඳ.
සමහර ලීස් තියනවා මාස දෙක තුන ඇරියස්. ඇරියස් එක සෙට්ල් වෙන්නෙම නෑ. එතකොට දඩ ලෙස වදින පොලිය නිසා වාරිකයත් වෙනස් වෙනස් අගයන් ගන්නවා.
අන්න ඒ වගේ ලීස් ආයතන වලට හිසරදයක්. ඒවා ගැලවෙනවට ආයතන කැමතියි.
නමුත් ඒ වාහන හිමිකරුට අලුතින් ලීස් එකක් ගන්න බෑ එතකොට ක්‍රිබ් එකේ පෙන්නන නිසා.
මම ආයෙත් කියනවා කොහොමත් තියන ලීස් එකක් සෙට්ල්මන්ට් අරන් වෙන තැනකට යන එක පාඩුයි.
මම කරන්නෙම නෑ. පාරිභෝගිකයාට පැහැදිලි කරලා දෙනවා ඒ පිලිබඳව .
නමුත් මටත් වැරදීමක් වෙනවා 😒
මම මිතුරන් සමග මගේ මේ ව්‍යාපාරය කරන්නේ නෑ.
මිතුරෙක් ලීස් එකක් ඇහුවොත් මං ඒක හිමින් සැරේ මගහරිනවා.🤣
ඒත් මිතුරෙකුගේ එකම එකක් ගලවන්න මම කටයුතු යොදනවා.
වෙනත් තැනකින් අදාල ෆයිල් එකත් දානවා. හෙට ඒක ඇපෲ වෙයි.♥️
කණගාටුවට කරුන මෙච්චර දවස් දෙන්න බෑ කිව්ව ආයතනය අද කස්ටමර්ට කියනවා ඔහුට අදාල අවශ්‍ය මුදල දෙන්නම් කියලා.
මගේ මිතුරා දවල් මට ඒක කියනවා, මොකද කරන්නේ අහනවා.
මං කිව්වේ තියන තැනින්ම ලීස් එක යන්න ඒක ලේසියි කියලා.
ඒත් ඒකේ අගතියට පත්වුන පාර්ශවයකුත් ඉන්නවා.
නිවාඩු දවසක් නාස්ති කරන් මගේ වචනෙට සෑහෙන දුරක් ඇවිත් වෙහෙස මහන්සි වෙලා ෆයිල් එක හදලා සිස්ටම් දාලා මාසේ අන්තිම ටාගට් එකට වැඩ කල මහත්මයා පිලිබඳව තමයි ඇත්තටම මට කනගාටු.
මං දවල්ම ඔහුගෙන් සමාව ඉල්ලුවා මං ගත්ත වැරදි තීරණය ගැන ♥️
⭕ දැං මේකට මගේ මිත්‍රයා කමෙන්ට් කරන්න ඕනේ නෑ.
නමුත් මේ සිදුවීම යථාර්ථයක් නිසා ලිව්වේ.
මේ වගේ දේවල් වෙන පළමු අවස්තාව මේක නෙමෙයි. ඒත් ඒ ගැන පැහැදිලි තීරණයක් ගැනීම මේ වගේ අවස්තාවන් උදාවෙන, ඒ අවස්තාවන්ට මුහුන දෙන හැමදෙනාටම වටිනවා.
නැත්නම් අවසානයේ කොහේවත් ඉඳලා ලීස් එක අලුතින් කරන්න එන කෙනාට ඉතිරිවෙන්නේ කලකිරීමක් විතරයි.
ස්තූතියි .
Vehiclebrokers.lk
076 643 7604