2022 January 12
අද දවස තමයි දවස.😄
මම ඊයේ මගේ පාරිභෝගික මහත්මයාගේ සියළුම අවශ්‍ය විස්තර Whatsapp හරහා ලබාගෙන ලීස් එකට අදාල සියළු දේ ලෑස්ති කලා.
Lease එක දෙන්න අඩුවකට තිබුනේ Valuation එක විතරයි.
ඔන්න උදේ මම වැලියුවේශන් එකත් ගන්න ලෑස්ති කරනවා .
අදම D/O එක දෙන්නත් මම ලෑස්තියි.
පාරිභෝගික මහතාවත් ඊයෙම දැනුවත් කලා අද දවල් වෙනකොට වාහනේ ගන්න ලෑස්ති කරලා දෙන්නම් කියලා .
මේ අතරේ අද උදේ මට Customer කතාකරලා කියනවා Car Sale එක කියන තැනකින් ලීස් එක ගත්තේ නැත්නම් වාහනය දෙන්නේ නෑ කියලා Sale එකෙන් කිව්වා කියලා.
මම කිව්වා හරි සර්..
එහෙම කරන්න,
එයාලා දෙන තැනින් ලීස් එක කරගන්න එහෙනම් කියලා.
එතකොට වැලියුවේශන් කරන කෙනා මාලඹේටත් ගිහිං.
අවුලක් නෑ.
වැලියුවේශන් එකේ කෙනාව ආයේ ගෙන්නුවා.
වැඩේ ඉවරයි.
දැන් ටිකකට කලින් වාහනය ගන්න මහත්මයා කතා කලා.
Car Sale එකෙන් ලීස් එක කරන්න දුන්න කෙනා කිව්වලු Customer ගෙ පොඩි Crib අවුලක් තියනවා ,ඒ නිසා උඩින් Approval එකක් අරන් තමයි කරන්න ඕනේ කියලා.
ඔන්න දැං මගෙන් ලීස් එක ආයේ ඕනෙ වෙලා.
මම කිව්වා ඔය කාර් සේල් එකෙන්ම කොහොම හරි කරගන්න සර්.
ආයේ මම මේකට කිසිම මැදිහත්වීමක් නෑ කියලා.
බැංකුවකින් ලීස් එකක් ලේසි නැතිවුනත් ඒ ලැබෙන වාසිය සහ හිතේ නිදහස් බව සමග ඒක පැය කිහිපයකින් අරන්දෙන එක පිලිබඳව වත් පුන්චි හරි අවබෝධයක් මගේ පාරිභෝගිකයාට තිබුනේ නෑ.
මගෙ ලොකු සීන් නෑ.
ඒත් මට මගේ වෘත්තිය පිලිබඳව හා මම ලීසිං එකක් කරන්නේ කොහොමද කියන එක පිලිබඳව මනා දැනුමක් මට තියනවා.
ඉතිං ඒක තේරුම් නොගන්න පාරිභෝගිකයෙකුට මගේ සේවය ලබාදීමේ වෘත්තීමය සතුටක් මට කොහෙත්ම නැහැ.
ඒ නිසා ඒ ලීස් එක කලේ නැහැ.
ඒ වගේම මින් ඉදිරියට ඔය Car Sale එකෙන් එන කිසිම Business එකක් කරන්නෙත් නෑ.
මගේ වෘත්තීය මට ගෞරවයක් ..
ස්තූතියි.
Thusith Jayanandana
Vehiclebrokers.lk
0766437604