Full Lease ( Written by 2021/06/03)
Full Lease..
Comment කරලා අහනවා..
Whatsapp කරලා අහනවා..
Call කරලා අහනවා
අහනවා, අහනවා.අහනවා..
🔥
ඇහුව හැමෝටම මම උත්තර දීලා තියනවා..
ඔන්න දැන් පැහැදිලිවම ලියනවා..
ෆුල් ලීස් එකක් ගන්න යම් කරුනු කාරනා කිහිපයක් සපිරෙන්න ඕනේ..
ඉස්සෙල්ලම වාහනය ..
උදාහරනයක් ලෙස Suzuki Specia 2016 නිශ්පාදිත වාහනයක් ගනිමු..
මිල ලක්ශ 31 / ඉදලා ලක්ශ 35/ ක් වෙනකම් යනවා..
එතකොට අපි ලීස් එක දෙන්න බලන්නේ ලක්ශ 31 / වාහනයට..
හැබැයි ලීස් එකට අනුමැතිය සදහා ඉදිරිපත් කරන්නේ ලක්ශ 35 / වාහනය ..
දැං එතකොට පැහැදිලි වෙන්න ඕනේ..
අකුරෙන් අකුර පැහැදිලි කරන්න බැහැ..
ඒක තේරෙන්නේ නෑ කියන්නේ ෆුල් ලීස් හරියන්නෙම නෑ..
ඒ ගැන හිතන්නවත් එපා..
😊
දැං බලමු සුදුසුකම් ..
ඔබගේ මාසික ආදායම ස්ථාවරද..
වාරිකය ගෙවන්න පුලුවන් ආදායමක් ඔබට තියනවද..
ඔන්න තැන..
සැප ඇත්තෝ කති,බොති ,ප්‍රීති වෙති..
නැත්තෝ තොරතුරු විමසීම හා දැනගැනීම පමනක් ප්‍රමානවත්..👌
එතකොට මේ Full Lease වල ලීසිං වාරික ඉතා ඉහල අගයක් ගන්නවා..
තේරෙන්න ඕනේ වාහනයේ වටිනාකම ම හෝ ලක්ශයක දෙකක වෙනසකට තමයි මේ ලීස් එක දෙන්නේ..
එතකොට ..
ලක්ශයකට රුපියල් 2480 / ක්..
ඔබගේ රැකියා ස්ථානයෙන් ඔබට Vehicle Allowance එකක් සහ Fuel Allowance එකක් ගෙවනවා නම් මූලිකව ඔබ සුදුස්සෙක් හැටියට ගැනෙනවා..
ඒ වගේම ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස ස්ථාවරයි නම් ඔබටත් පුලුවන් මේ ලීසිං පහසුකම ගන්න..
ලක්ශයකට 2480 / ක් බව මතකම තියාගන්න ඕනේ..
Rent එකට වාහන අරන් Rent එක එලියට ගෙවන ආයතන වලට,
ව්‍යාපාරිකයන්ට ..
ඒ Rent ගෙවන මුදල ආයෝජනයක් ලෙස සලකා මේ ලීස් එක ගත්තට වරදක් නෑ..
ඒ වගේම Rent එකට වාහනයක් අරන් පදින ආයතනයක රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබ..
ඔව් ඔබටත් මේක ගැලපෙනවා..
එතකොට නොගැලපෙන්නේ කාටද..
වෙන කිසිම කෙනෙකුට Full Lease
ගැලපෙන්නේ නෑ..
අමාරුවෙන් දෙන්න අපි උත්සාහ කරන්නෙත් නෑ..
බය වෙන්න එපා මම ගෙවනවා කියන විස්වාසය ඔබට තිබුනට ගෙවීමේ ක්‍රමය තුල ඔබ අස්ථාවර බව අපිට පෙනුනොත්..
” සමාවෙන්න මහත්මයා,අපිට මේ ලීස් එක කරන්න බැරිව යනවා..” කියන සරල වචන ටික තමයි අපි කියන්නේ ..
ස්තූතියි ..
තුසිත් ජයනන්දන
0766437604
Vehiclebrokers.lk