Valuation.

Valuation වලදී සමහරවිට පාරිභෝගිකයා බලාපොරොත්තුවෙන් ඉන්න ලීසිං මුදල ලක්ශයකින් දෙකකින් වගේ මදි උනොත් වැලියුවේශන් ආයතනයට කතාකරලා සමහරවෙලාවට ඒක වැඩිකරගන්න පුළුවන් අවස්තාවන් තියනවා.

නමුත් හැම වෙලාවෙම හැම වාහනයටම එහෙම බැහැ.

සමහර වෙලාවට අදාල ලීසිං ආයතනයේ වගකිවයුතු නිලධාරියෙක් වැලියුවේශන් කම්පැනියට කතාකරලා කියන්න වෙනවා මේ වැඩියෙන් ඉල්ලන තක්සේරු වාර්තාව නිසා වැලියුවේශන් කම්පැනියට හානියක් හෝ අගතියක් නොවන බවට.

වැඩියෙන් වැලියුවේශන් දුන්න හුඟක් ආයතන බැංකුවෙතින් සහ සමාගම් වෙතිනුත් මේ වෙනකොට BlackList වෙලා ඉවරයි.

ඔබ දන්නවද.
වැලියුවේශන් ආයතනවල නීතිමය බැඳීමක් තියනවා ඔවුගේ වෘත්තීය එක්ක.

උදාහරනයක් ලෙස චැසි කෙටුව වාහනයකට වැලියුවේශන් දීලා ලීස් එක ගිහින් ඒක යම් අවස්තාවක යාඩ් උනොත්.

අලුතින් මිලදීගන්න එන පුද්ගලයා ඒ වාහනය සඳහා ලීසිං ඉල්ලුම්කරද්දී හෝ ..
ආයතනය වෙන්දේසියේ විකිනීම වෙනුවෙන් අලුත් වැලියුවේශන් කම්පැනියක් ඒක යාඩ් එකේදී තක්සේරු කරන්න බලන වෙලාවක හෝ ඒක රිජෙක්ට් කලොත් චැසිය වෙනස්වීමක් කරලා කියලා ..

එවෙලේ තත්වය කොහොම වෙයිද.

ඒ වගේම වාහනයක ලොකු Accident එකකදී Insurance කම්පැනිය විසින් චැසියේ වෙනස්කම හොයාගත්තොත්.

මුලින්ම වැලියුවේශන් එක දුන්න ආයතනය උසාවි තමයි වංචා සහගත ලෙස තක්සේරු වාර්තාවක් ඉදිරිපත්කලාට.

සමහරවිට ඔබටත් නැති නඩුවක් වැටෙන්න පුළුවන් බොහෝ වෙලාවට.

එහෙම ඒවා යම් ප්‍රමානයක් වෙලා තියනවා.
සමහර විට ඒක ආයතනයේ වැරැද්දක් නිසාම උනා වෙන්නත් බෑ.
මොකද පරීක්ෂා කරන්නේ වෙන කෙනෙක් නිසා.

මේ වැරැද්ද වෙන්නේ කොතනින්ද කියලා ඔබට වැටහෙන්න ඕනේ.😏

මේ තත්වය අවම කරගන්න පසුගිය සතියක පිලිගත් වැලියුවේශන් ආයතන එකතුවෙලා රැස්වීමක් පැවැත්වුවා.
ඒකෙදි එයාලා යම් යම් එකඟතාවයන් කිහිපයකටත් ඇවිත් තිබුනා.

ඕනෙම ඉන්ඩස්ට්‍රි එකක කොලිටි එකක් තියෙන්න ඕනේ.
ඒ ගැන ගතහැකි සහ ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග තමයි වැදගත් වෙන්නේ පැවැත්ම වෙනුවෙන් .

ඉතිං..
වාහනය මිලදී ගන්න බලනවා වගේම..
හොඳ පිලිගත් වගකීමක් ඇති ආයතනයකින් Valuation එක ගන්න එකත් ඔබේම වගකීමක්.

ඒ වගේම ..
ඔබ මිලදීගන්න වාහනයේ චැසි අංකයේ නිවැරදි භාවය පිලිබඳව වැලියුවේශන් කම්පැනි එකෙන් විමසීමක් කරන්නත් අමතක කරන්න එපා.

ස්තූතියි ..

තුසිත් ජයනන්දන .
Vehiclebrokers.lk
0766437604

Leasing_වලටSolutionඑක

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top