Delivery Order

🔖 මොකක්ද මේ D/O එක එහෙමත් නැත්නම් Delivery Order එක කියන්නේ ..

මේක නිකම් ම නිකම් දැන්වීමක් ,දැනුම්දීමක් වගේ දෙයක් කිව්වොත් යම්තාක් හරි..

ඒකේ කොටස් දෙකක් තියනවා..
Delivery Order එක සහ
Confirmation Letter එක ලෙස..

මොකක්ද මේ Confirmation Letter එක..
ඉස්සෙල්ලම ඒක බලමු..

ඒකෙන් කියන්නේ Leasing facility එක අනුමත උන බවත් RMV එකට අදාල ලිපි ලේඛන බාරදීමෙන් අනතුරුව නම් කර ඇති පුද්ගලයා වෙත චෙක්පත ලබාදෙන බවත් ආයතනය ලිඛිතව කරන දැනුම්දීමක්,
මෙය ඔබ වෙත ලැබෙන්නේ ආයතනයේ ලිපි ශීර්ෂයකින්..

කෙනෙක් හිතන්න පුලුවන් ඒක D/O එක ලෙස..

නමුත් D/O කියන්නේ වෙන එකක්..
එකෙත් වෙනසක් නෑ මේකම තමයි,
නමුත් යම් යම් විස්තර විස්තරාත්මක ලෙස ඇතුලත්ව
කොපි දෙකක් හෝ තුනක් තියනවා..

එහි පාර්ශවයන් 03 ක් අත්සන් කලයුතු වෙනවා,ආයතනය / ගැනුම්කරු හා විකිනුම්කරු ලෙස..

D/O එකේදී මට මතක විදිහට ගැනුම්කරු අත්සන් කරන්නේ වාහනයේ කිසිම දෝශයක් නැතුව හොඳ තත්වයෙන් භාරගන්නා බවට..

නමුත් මං කලින් සඳහන් කල ලෙස කිසිම ලෙසකින් ආයතනයක් හෝ බැංකුවක් කියන්නේ නෑ තමන් නිකුත්කරන ලිපියට / Confirmation Letter එකට හෝ D/O එකට වාහනය මුදාහරින්න කියලා..

වාහනය D/O එකට දෙනවද Facility Confirmation Letter එකට දෙනවද කියන එක වාහනයේ විකිනුම්කරුගේ තීරණයක්..

ඒ වෙනුවෙන් වගකීමක් ගන්න Lease එක ලබාදෙන ආයතනයකට බැහැ..

ඔය දෙකේම සටහන්ව තියෙන්නේ අලුත් ලියාපදිංචියෙන් පසු වාහනයේ අයිතිකරු වෙත මුදල් ගෙවන බවයි..

RMV එකේ ගැටලුවක් ආවොත් අලුත් ලියාපදිංචිය වෙන්නේ නෑ..
එතකොට වාහනයේ හිමිකරු වෙත මුදල් ගෙවන්නෙත් නෑ..

ඒ වගේම නිකුත් කල D/O එක නොසලකා හැරීමේ බලයත් ආයතනය සතු බව නිකුත් කරන D/O එකේ සඳහන් බවක් මතකයි ..

එහෙම එක අත්දැකීමක් මට තියනවා,
එක Client කෙනෙක් යම් තැනක බොරුවක් කලා කියලා D/O එක නැවත කැඳවීමක් කලා..

මතකයි ඔහු කිව්වා මේ වෙනුවෙන් ඔහු නීතියේ සරණ පතන බව,
එවෙලේ ආයතනය කිව්වේ ඔවුන්ගේ බලතල ගැන..
Client හට සිද්දවුනා ආයතනය හා එකඟවෙන්න..

ලීසිං එකක් සමග වාහනයේ විකිනුම්කරු සෑහෙන්න අනාරක්ෂිතයි..

ඇයි මම එහෙම කියන්නේ..

RMV Transfer එක නොවුනොත් ඔහුට මුදල් ලැබෙන්නේ නෑ…
වාහනය නව ගැනුම්කරු වෙත දී තිබුනොත් වාහනයත් නෑ..
ඒ වගේම ලීසිං එක කල කෙනාට කණක් ඇහිලා ඉන්නත් නෑ..

නමුත් අන්‍යෝන්‍ය විස්වාසය මත මේ ගනුදෙනුව දෙපාර්ශවයේ කැමැත්ත මත කරගන්න පුලුවන් ..
ඒ කියන්නේ වාහනය බාර දෙන්න සහ භාරගන්න පුලුවන් ..

ඒකට කාගේවත් මැදිහත්වීමක් ඇපවීමක් විශේශයෙන් පොරොන්දුවීමක් නෑ ආයතන වශයෙන්..

යම් හෙයකින් RMV Transfer එක Refuse උනොත්..
එහෙම වෙන්න පුලුවන් අවස්ථාවන් තියනවා පසු සටහනකින් විස්තර කරන්නම්..

එතනදී යම් ගැටලුවක් එනවා වාහනය D/O එකට අලුත් හිමිකරු ( හිමිකරු නොවුන නාමික ) වෙත භාරදී තිබුනොත්..
කෙටියෙන් කිව්වොත් සල්ලිත් නෑ, වාහනෙත් නෑ..

අන්න ඒ වෙලාවට වාහනය විකුනන කෙනා ගේ තත්වය මොනවගේ වෙයි ද..

වාහන ව්‍යාපාරය විශාල ලෙස කරන අය තමන් ලඟ තියන වාහනය ගැන දැනුවත්..
ආයතන සමග ඔවුන්ට කටයුතු කරන්නත් ලේසියි..
ඒ නිසා ඔවුන් D/O එකට හෝ Confirmation එකට වාහනය ලබාදෙනවා තමන් සතු වාහනයේ ලිපි ලේඛන නිසි ලෙස ඇති බව දැනුවත් නිසා..

නමුත් පොඩියට වාහන ව්‍යාපාරය කරන කෙනෙක් අඩුවට වාහනය හොයාගත්තට එහි නීතිමය තත්වය පිලිබදව සොයාබැලීමක් කරන්නේ නෑ,
ඒක විකුනන්න ගිය වෙලාවට ගන්නේ අත්පිට මුදලට ගැනුම්කරුවෙක් නම් විකිනුම්කරු ආරක්ශිතයි එවලෙට විතරක්..

මොකද මොනයම් වෙලාවක හෝ පැවරීම කරගන්න බැරි උනොත් මිලදී ගත්ත කෙනාගේ නැවත පැමිනීම අනිවාර්යයි….

එවිට ඒක හුගක් සංකීර්ණ තත්වයක් වේවි..

ස්තූතියි
සටහන :-Thusith Jayanandana
Vehiclebrokers.lk
0766437604

Related posts:

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top