සමහර ආයතන හෝටල් වගේ 😂Published by 2021 July 01st

ඔය කවුරුවත් දන්නෑ මම කරපු හැටි.♥️
හිතාගෙන හිටියේ මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියන්න..😊
ඒත් ඊට කලින් දැන් ලියන්නම්…😂

මහත්වරුනි..
හැමෝම ලීසිං ෆීල්ඩ් එකේ කටයුතු කරන්නේ තමන් වැඩකටයුතු කරන ආයතනය වෙනුවෙන් නව පාරිභෝගිකයන් හොයන්න..
ඒ වෙනුවෙන් ආයතනයන් ව්‍යාපාර ඉලක්කයන් ලබාදෙනවා ඔවුන්ට..

Company is The King 😂
න්‍යායෙන් තමයි එතන ඉදලා ඔවුන් වැඩ..

අවුලක් නෑ..Job එකනේ..

ඊට පස්සේ එයාලගෙ ඔලුවේ ඔටුන්න එනවා,
කෙනෙක් එක්ක හිනා වෙලා සුහදව කතාකලොත් ,
ටිකක් ඔලුව හෙල්ලුනොත් ඔටුන්න වැටෙයි කියලා බයෙන් ඉන්න අය තමයි බොහොම වැඩි ආයතනවල ..😊
ඒක මේ ලීසිං ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි,හුගක් තැන්වල..

තමන් වැඩකරන ආයතනය පාරිභෝගිකයා ට සලකන්නේ කොහොමද කියලා හුගක් අය දන්නේ නෑ මං හිතන්නේ..😂
නැත්නම් අඳ,ගොලු,බිහිරි වෙනවා රැකියාවත් එක්ක..

කිසි කෙනෙක් කිසි දවසක සැලකිල්ලක් දක්වන්නේ නෑ පාරිභෝගිකයා ආයතනය වෙත හිරවුනාට පස්සේ..😥
කිසි කෙනෙකුට වැඩකුත් නෑ ඒක ඊට පස්සේ ..

යම් තැනක ප්‍රශ්නේ ඇතිවුනොත් ඒ ප්‍රශ්නගත කෙනා තනිවෙනවා..
තනිවෙලා අසරන වෙන ඔහුට ආයතනය ඉඩක් නොතියා ගහනවා..

එතකොට දැනෙන මානසික සතුට අති විශිෂ්ඨයි ස…😊

ආයතනයක් පාරිභෝගිකයා වෙත දක්වන සැලකිල්ල පිලිබදව හෝ යම් තැනක පාරිභෝගිකයෙක් සමග ඇතිවෙන්න පුලුවන් ගැටලු සහ එහිදී Marketing Officer කෙනෙක් ගේ හෝ ශාඛා කළමනාකරුගේ කාර්‍යභාරය පිලිබදව කිසිම දැනුමක් කිසි කෙනෙකුට නෑ, ..

උදව්වට, සහනයක් දෙන්න කෙනෙක් නෑ..

ආදරෙන් Ok Sir,
කියලා දුන්න ලීස් එක ගැන අන්තිමට ප්‍රශ්නයක් උනාම කම්පැනි එකෙන් කියන්නේ..
ගත්තනම් ගෙවන්න,
අපි බලෙන් දුන්නේ නෑ කියලයි..

විසඳුමක් වෙනුවෙන් අපි යොමුවෙනවා එතනදි Recovery කියන සොඳුරු නවාතැනට..

Recovery එක තමයි දෙයියෝ..
හරියට මහා බ්‍රහ්මයා වගේ..😂
හැමදේම පුලුවන් ඔවුන්ට,

ලීස් එක සෙට්ල්කරන්න,
වාරික සහන දෙන්න,
මිනිස්සුන්ට බනින්න,
වාහන උස්සන්න තීරණ දෙන්න,
බයවෙන්න එපා එක වාරිකයක් හරි දාන්න කියලා වාරිකය දැම්ම ගමන් ඇසිල්ලෙන් වාහනේ ගන්න..
පොලිය අඩු වැඩි කරන්න වගේ නොයෙකුත් දේ..😂

මහාබ්‍රහ්මයාටත් කරන්න බැරි වැඩ කරන තැනක් තමයි රිකවරි කියන්නේ..😂😂

නමුත් බලන්න ඕනේ Company වල දාලා තියන තීම්..😂😂

මනුසත් බව,සුහදශීලී බව,හිතවත් බව …අම්මෝ..😂
ඒවා ඉතිරිලා පැතිරිලා මෙත්මල් පිබිදිලා..😊

හුගක් මූල්‍ය ආයතන මම දකින්නේ කෑම කඩ ලෙස.. 😊

ආදරෙන් අඬගහලා කෑම දෙනවා හැබැයි හිරවුනොත් වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ,
පිටට තට්ටුවක් දාලා සහනයක් දෙනවා වෙනුවට දෑත බදලා ඔලුවට ගහනවා..
හිරවෙලා තියන කෑම ටිකත් එක්ක මැරෙන්නම
කෑම බෙදන්න තමයි ට්‍රේනිං එක දෙන්නේ..
කෑම හිරවෙලා පාරිභෝගිකයා මලත් පස්සේ කමක් නෑ..
👉😂
ඒ මම මූල්‍ය ආයතන දකින විදිහ..

කලෙකදී මමත් හිරවෙනවා මේ ලීසිං උගුලේ..
මේ හේතු නිසා තමයි මමත් ලීසිං කරන්න පටන්ගන්නේ..
පන්නරය ලබාගෙන දර්ශනයක් ගෙඩනගාගෙන සියලු දේ නිසිලෙස දැනගෙන..
හරි දේ හරි විදිහට පැහැදිලි කරන්න මම Vehiclebrokers.lk පටන්ගන්නවා.♥️

බොරු නැතුව ලීසිං වල භයානක පැත්ත ගැන මම කතාකරනවා..

මම පැහැදිලි කරනවා ලීසිං ගන්න විදිහ ගැන..

මූල්‍ය ආයතන වෙතින් ලීසිං ගන්නේ බලාගෙනයි කියනවා..
බැංකුවකින් ගන්න ලීසිං එක ගන්න කියනවා..
රේට් ගැන එලිපිට කතාකරනවා..
මූල්‍ය ආයතන වලින් සෙට්ල්මන්ට් ගන්නකොට මුදල වෙනස්වෙන්න ඇතිවෙලා තියන සැඟවුන ගාස්තු ගැන නොකියා කියනකොට ආයතනවල මහත්වරු එලිපිට කියනවා ඒ ගැන..

මට අවුලක් නෑ,
විනාඩි 5 ක් ඇති ආයතනවල තත්වය තේරුම්කරන්න ..😂

මම බැංකු තෝරාගෙන මගේ වැඩ කරන්න හේතුවත් ඒක..♥️

එතනදී මූල්‍ය ආයතන සමග ගැටුම් කිහිපයකුත් ඇති උනත් මම ගේන තර්කය බොරුයි කියන්න ඔය කාටවත් බෑ..😊

මම ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයාගේ ආයතනයක් එක්ක නඩු කියනවා මීට කාලෙකට කලින් ,

අවුරුදු තුනහාමාරක් ..
මට උපරිම සාධාරනයක් උසාවියෙන් ලැබෙනවා..

ප්‍රැක්ටිකලි ලීසිං කියන්නේ මේකයි කියන්න මම සෑහෙන්න දැනුවත් උනා ඒ කාලෙදි.

කෙනෙක් හිටියා මගෙ ඇගේ හැප්පුනත් විසිවෙලා ලග තියන බිත්තියක හැපිලා මැරෙන සයිස් එකේ ඇටයෙක්..
මගේ හැටියට එයා මට මදුරුවෙක්,
චූටි මදුරුවෙක්..
“හප්”කියන සද්දෙට මැරෙන්න පුලුවන් සතෙක් උනත් පලඟැටියෙක්ගේ වගේ කට කියවිල්ල..😂😂

ප්‍රසිද්ධ ඇට මැරයෙක් ගේ නමක් තිබුන ඒ මෑන්ස් හිතුවේ මගේ වාහනේ උගේ කියලා,
දෙන්නෙම නෑ කිව්වා, පුලුවන් නම් ගනින් කිව්වා ..

ලීසිං වේවා ණයක් වේවා ගත්තොත් ගෙවන්න ඕනේ..
ඒක දන්නවා..
ගත්ත මුදලට අනුව අය කරන පොලිය සාධාරණ වෙන්න ඕනේ,
ගෙවන මුදලට වටිනාකමක් තියෙන්න ඕනේ..

එකවර ගෙවන්න අහන්නේ ප්‍රශ්නයක් ඉවරකරන්න මිසක් ආයතන එක්ක හුරතල් වෙන්න නෙමෙයි..

ගත්තේ ලක්ශ 14/ යි,
මාස 08 ක් ගෙවලා Settlement එක ඉල්ලුවාම ලක්ශ 28/ ක් කිව්වා..
මම ඒ වෙනකොට ලීසිං ගැන දැනුවත් නෑ එච්චර..
ඒත් අසාධාරණයක් වගේ දැනුනා,

මම ඇහුවේ ලක්ශ 14/ ට ලක්ශ 14/ ක් නොගෙවා ලක්ශ 7/ ක් ගෙවලා ඉවර කරන්න,
ලක්ශ 21/ කට..

මොන..
මාරයෝ වගේ එයාලගේ හැසිරීම,

සසරේ පවක් ඇත්තටම ලීසිං කියන්නේ..😥

උපදෙස් පැතුව හුගක් ලෝයර් ලා කියන්නේ වාහනය බාරදෙන්න..
මම එකගවුනේ නෑ..
ඒක ටිකක් ලොකු කතාවක්..😊

මම අදටත් ඉදලා හිටලා පොඩි කුහක සතුටක් ලබන්න ඕනෙ උනොත් අර ඇට මිනිහට කෝල් එකක් අරං අහනවා කොහොමද මචං..
දරුවෝ එහෙම සනීපෙන්ද කියලා..😂😂

මේ මෝඩ මූසලයා දවසක් මට කියනවා උසාවියෙන් මම මේක ගත්තා කියලා එයා දන්නේ නෑලු,
නැත්නම් ඒත් ගන්න දෙන්නේ නෑලු..

ඒකෙන්ම එදාම මම ඔහුව මගේ මෝඩ Friend ලිස්ට් එකේ ප්‍රධානියා කලා..😊😂

ඉතින් කතාව..
මම ලක්ශ 21/ කට ලිඛිතව ඉල්ලුව වාහනය මට ලක්ශ 17/50 කට උසාවියෙන් මුදාහරිනවා..

නඩුව ලක්ශ 43/ ක් අයකරගන්න මට විරුද්ධව ගොනුකරන්නේ..

තව නඩුවක් අපරාධ පනත යටතේ එයාලගේ වාහනය එයාලට භාරනොදී මම අස්ථානගතකිරීමට..
😎😎..😂😂

නඩු දෙකයි..😊

මම අර ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයාට ට මේල් එකක් දැම්මා මගේ වාහනේ රත්තරන් නෙමෙයි මනුස්සයෝ Settlement එකක් දෙනවා කියලා..

දුන්නේ නෑ,
ඒත් උසාවියෙන් ලැබුනා..♥️

අදටත් මම අර ඇටයට හිටපු ගමන් කෝල් කරනවා,
ඔය මම පාටියක වගේ ඉන්න වෙලාවට,😂
මම මතක්කරනවා මම දුන්න ලියුම උබ අත්සන් කල කොපිය තවම මගේ ලග තියනවා කියලා ..
ලක්ශ 21/ට උබ නොදුන්නට මම 17/50 ට ගත්ත නිසා මිස්ටර් පෙරේරා උබට ප්‍රමෝශන් එකක් දෙයි බං මං කොපි එක උන්දැට මේල් කලොත් කියලා..
වසර තුනහාමාරකට කලින් ලක්ශ 21/ ට ඉල්ලුව වාහනය වසර තුනහාමාරකට පස්සේ ලක්ශ 17/50 කට ගන්නේ..
අම්මපා මිස්ටර් පෙරේරා මේ මිනිහට රිකවරි හෙඩ් දෙන්න වටිනවා..😂😂

මං කෝල් කරලා ලියුම තාම තියනවා බං කිව්වම කට වැහෙනවා එතකොට ..😂
පාටියේ සතුට උපරිමේට මට එන්නේ ඒ කෝල් එකෙන්..😎

ඇටයගෙ රස්සාව නැතිවෙනවා ශුවර් මම ඒක මේල් කලොත්..
මට එහෙම ඕනේ නෑ..
බලන් ගියාම මම තමයි හොදටම කරලා තියෙන්නේ..

මම ලීසිං අරන්දෙනවා උනාට ඔය මම කිව්ව මහලොකු ලංකාවේ ව්‍යාපාරිකයා ඉන්නේ..
ඒ මනුස්සයාගේ නම තියන කිසිම ආයතනයක් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ,
ඉදිරියට කරන්නෙත් නෑ..

මගේ ලීසිං කන්සෙප්ට් එකේ පැහැදිලි අන්ත දෙකයි..
එක්කෝ අඩුම පොලිය වාහනේ තක්සේරු වාර්ථාවට අනුව..
නැත්නම් වැඩිම පොලිය ලබා දෙන වැඩිම මුදලක් සදහා..

තෝරාගැනීම පාරිභෝගිකයා සතුයි..

සටහන ..
Thusith Jayanandana
Vehiclebrokers.lk
0766437604

Comments (1)


  1. ජේරී

    Respect sir 🙏 ගොඩක් දේවල් දැනගත්තා…

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top